සත්‍යයේ පුවත් අඩහැරය….

බුද්ධි අංශ සාමාජිකයින් අත්අඩංගුවට ගනිමින් අාණ්ඩුව සිදු කරන රණවිරු දඩයම, රටේ ජාතික අාරක්ෂාවට දැඩි තර්ජනයක් – “මව්බිම වෙනුවෙන් රණවිරුවෝ” සංවිධානය

බුද්ධි අංශ සාමාජිකයින් අත්අඩංගුවට ගනිමින්, රණවිරුවන් දඩයම් කිරීමේ වත්මන් අාණ්ඩු වැඩපිළිවෙළ රටේ ජාතික අාරක්ෂාවට දැඩි තර්ජනයක් බව “මව්බිම වෙනුවෙන් රණවිරුවෝ” සංවිධානය අවධාරණය කර සිටියි. පසුගිය දා මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මෙම අදහස් පළ කරන ලද්දේ “මව්බිම වෙනුවෙන් රණවිරුවෝ” සංවිධානයේ කැදවුම්කරු විශ්‍රාමික රණවිරු මේජර්, නීතිඥ අජිත් ප්‍රසන්න මහතා විසිනි.

සිය අදහස් පළ කරමින් අජිත් ප්‍රසන්න මහතා වැඩිදුරටත් පවසා සිටියේ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිදුවීම සම්බන්ධයෙන් හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 244 කගේ අැගිලි සළකුණු ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර අැති අතර පුද්ගල ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් මෙපමණ ප්‍රමාණයක අැගිලි සලකුණූ ලබා ගැනීම මෙරට ප්‍රථම වතාවට සිදුවූවක් බවයි. අැගිලි සලකුණූ ලබා ගැනීමේදී අදාළ පුද්ගලයින්ගේ පුද්ගලික විස්තර පවා ලබා ගැනීම සිදුවන බැවින් මෙය, හමුදා බුද්ධි අංශ සාමාජිකයින්ගේ අනන්‍යතාවය තහවුරු වීමක් වන බැවින් එය ඔවුන්ගේ අාරක්ෂාවට දැඩි හානියක් බවත් අජිත් ප්‍රසන්න මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී.

බුද්ධි අංශ අකර්මණ්‍ය කිරීම සදහා කැපවී කටයුතු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි හානි අබේසේකර නිලධාරියා, ඉතා කෙටි කාලයක් තුළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාර තනතුර දක්වා උසස් කර ඔහුට ඉතා ඉහළින සැලකීමට වත්මන් අාණ්ඩුව කටයුතු කර අැති අතර මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිදුවීම හිටපු හමුදා බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ මහතා යටතේ පැවති කණ්ඩායමක් විසින් සිදුකරන ලද බවට, අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් සිදු කළ ප්‍රකාශය, හමුදා බුද්ධි අංශ පාවාදීමේ නවතම කූටප්‍රාප්තිය බවද අජිත් ප්‍රසන්න මහතා මෙම මාධ්‍ය හමුවේදී අවධාරණය කර සිටින ලදී.

බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ අැප අයදුම්පත්‍රය ප්‍රතික්ෂේප කළ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අාණ්ඩුවට පක්ෂග්‍රාහීව කටයුතු කරමින් සිටින අතර කුමන විරාේධතා පැමිණියද අධිකරණය තුළ පවතින මෙවැනි තත්ත්වයන් සම්බන්ධයෙන් ඉදිරියේදී විරෝධතා පැවැත්වීමට කටයුතු කරන බවත්, වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්තද සිල්වා මහතා ඉදිරි කාලය තුළ විශ්‍රාම ලබා ගැනීමට සිටින බැවින් ඉන් පුරප්පාඩුවන හමුදාපති තනතුර සදහා ජ්‍යෙෂ්ඨත්වයෙන් අඩු, අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ගෝලයෙක් වන මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පත්කිරීමේ උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් අජිත් ප්‍රසන්න මහතා මෙම මාධ්‍ය හමුවේදී සිය අදහස් පළ කරමින් තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වූ රාවණා බලය සංවිධානයේ කැදවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි සහ සිංහලේ ජාතික බලමුළුව සංවිධනයේ සාමාජික පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ද සිය අදහස් පළ කරන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට