ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් පැතිර යන අවදානම් දිස්ත‍්‍රික්ක 11 ක්..
ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් පැතිර යන අවදානම් දිස්ත‍්‍රික්ක ලෙස දිස්ත්‍රික්ක 11 ක් නම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, මඩකලපුව, ත‍්‍රීකුණාමලය, යාපනය, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත‍්‍රික්ක ඩෙංගු රෝගය පැතිර යන අවදානම් දිස්ත‍්‍රික්ක ලෙස නම්කර ඇති අතර මදුරු මර්දන වැඩසටහන් රැසක් මේ වන විට රට පුරා ක්‍රියාත්මක කෙරෙමින් පවතින බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.