සත්‍යයේ පුවත් අඩහැරය….

“සයිටම්” අහෝසි නොකළොත් අපිත් වර්ජනයේ – රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීමට බලධාරීන් කටයුතු නොකරන්නේ නම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා එක්ව ඉදිරියේදී දැවැන්ත විරෝධතාවයක් දියත් කරන බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. අද (29) කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවක් සදහා සහභාගි වෙමින් මෙම අදහස් පළ කරන ලද්දේ රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා විසිනි.

දාළ ගැටළුව සම්බන්ධයෙන් බලධාරීන් විසින් නිසි විසදුම් ලබා නොදුනහොත් රටතුළ දැවැන්ත අරබුදකාරී තත්ත්වයක් ඇති වනු ඇති බවත් මෙරට නිදහස් අධ්‍යාපනයට දැඩි හානිදායක තත්ත්වයක් ඇති කරන මෙම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීමට ආණ්ඩුව වහාම කටයුතු කළයුතු බවද වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බස්නාහිර පළාත් ලේකම් වෛද්‍ය මහේල සම්පත් සහ ලේකම් වෛද්‍ය අජිත් උපශාන්ත යන මහත්වරුන්ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට