සත්‍යයේ පුවත් අඩහැරය….

නව චක්‍රලේඛය මගින් සමස්ත හෙද සේවාවම දැඩි ගැටළුකාරී තත්ත්වයකට පත් වනවා – සමස්ත ලංකා හෙද සංගමය

සෞඛ්‍ය බලධාරීන් විසින් හෙද සේවාව සදහා හදුන්වා දීමට නියමිත නව චක්‍රලේඛය මගින් සමස්ත හෙද සේවාවට දැඩි ගැටළුකාරී තත්ත්වයන් රැසකට මුහුණ දීමට සිදුවන බව සමස්ත ලංකා හෙද සංගමය අවධාරණය කර සිටියි. අද (23) පුංචි බොරැල්ල සුවසේවා සංගම් කාර්යාලයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති ගාමිණි කුමාරසිංහ මහතා විසිනි. මෙහිදී සිය අදහස් පළකළ ගාමිණි කුමාරසිංහ මහතා වැඩිදුරටත් සදහන් කර සිටියේ හෙද හිගය නිසා හෙද හෙදියන් දැඩි අපහසුතාවකට පත්ව අැති නමුත් මෙම ගැටළුව විසදීමට හෝ බලධාරීන් කටයුතු නොකර නව චක්‍රලේඛ හදුන්වාදීම තුළින් හෙද සේවාව අකර්මණය කිරීම අනුමත කළ නොහැකි බවයි.

සේවයට වාර්තා කිරීමේදී අැගිලි සලකුණු සටහන් කිරීම නව චක්‍රලේඛය තුළින් අනිවාර්යය කර අැති නමුත් හෙද සේවාව යනු ඒ අාකාරයට අැගිලි සලකුණු සටහන් කිරීම මගින් පවත්වාගෙන යා හැකි සේවයක් නොවන බවයි. මේ වන විට අතිකාල කප්පාදුවක්ද සිදුව අැති බවද ගාමිණි කුමාරසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සමස්ත ලංකා හෙද සංගමයේ සංවිධායක ලේකම් එස්.බී මැදිවත්ත මහතාද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට