සත්‍යයේ පුවත් අඩහැරය….

අැතැම් අරමුණු සඵල වුවද අාණ්ඩුවට ඉටු කිරීමට පොරොන්දු රැසක් ඉතිරි වෙලා – සාධාරණ සමාජයක් සදහා වූ ජනතා ව්‍යාපාරය

රටේ ප්‍රධාන තනතුරු සදහා පුද්ගලයින් පත්කිරීමේදී සුදුසු පුද්ගලයින් පත්කිරීම සදහා විධායක සභා පිහිටුවීම වත්මන් අාණ්ඩුව විසින් දියත් කරන ලද ඉතා යහපත් තත්ත්වයක් බව සාධාරණ සමාජයක් සදහා වූ ජනතා ව්‍යාපාරය පවසා සිටියි. අද (24) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදී සාධාරණ සමාජයක් සදහා වූ ජනතා ව්‍යාපාරයේ සම කැදවුම්කරු සමන් රත්නප්‍රිය මහතා විසින් මෙම අදහස් පළ කරන ලදී.

රටේ ප්‍රධාන පක්ෂ දෙක එක්ව සම්මුතිවාදී අාණ්ඩුවක් බිහිකර ගනිමින් නව ව්‍යවස්ථා අැති කිරීම සදහා කටයුතු කළද මෙහි ප්‍රධාන අරමුණු සඵල වීම දිනෙන් දින කල්යමින් තිබීම සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කරන බවද රත්නප්‍රිය මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටින ලදී. තමන් බලයට පැමිණි පසු දූෂිතයන්ට එරෙහිව නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව අාණ්ඩුව බලයට පැමිණීමේදී අවධාරණය කර සිටියද මේ වන තෙක් ඒ අාකාරයට නීතිය ක්‍රියාත්මක වන බවත් දක්නට නොලැබෙන බවද සමන් රත්නප්‍රිය මහතා තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වු සාධාරණ සමාජයක් සදහා වූ ජනතා ව්‍යාපාරයේ කැදවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය, සාමාජික ගාමිණි වියන්ගොඩ, නව සම සමාජ පක්ෂ නායක අාචාර්ය වික්‍රමභාහු කරුණානායක, වමේ කේන්ද්‍රයේ සාමාජික කීර්ති කාරියවසම් සහ පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න යන මහත්වරුන් අැතුළු පිරිසක් සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට