පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහි නඩුව යළි කැදවීම ලබන 31 දා..න
බොදු බලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන 31 වනදා යළි කැඳවන බවට අභියාචනාධිකරණය අද (24) තීරණය කරන ලදී. අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර අැති අතර අදාළ නඩුව අද (24) කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය මෙම නියෝගය කර අැත.