ගලවා ගැනීමේ මෙහෙයුමකදී බිම අැදවැටුනු ගුවන් සෙබළා මියයයි..
අාපදාවට ලක්වූ පුද්ගලයින් කිහිප දෙනෙකු බේරා ගැනීමට මෙහෙයුමක නිරතව සිටියදී හෙලිකොප්ටර් යානයකින් අඩි 30 ක පමණ උසකින් බිම අැදවැටී තුවාල ලැබූ ගුවන් හමුදා සෙබළා ජීවිතක්‍ෂයට පත්ව අැති බව වාර්තාවේ. ගාල්ල නෙළුව ප‍්‍රදේශයේ ආපදාවට පත් පිරිසක් බේරා ගැනීමේදීඅනතුරට පත්වූ මෙම සෙබළා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අවාසනාවන්ත ලෙස මියගොස් අැත. මෙසේ මියගොස් ඇත්තේ වයි.එම්.එස්. යාපාරත්න නමැති 38 හැවිරිදි සහන සේවා ගුවන් භටයෙකි.