කැලිකසළ බැහැර කිරීම ගැන ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි, පරිසර යුක්ති කේන්ද්‍රයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
කැලිකසළ නිසි ලෙස බැහැර කිරීම සම්බන්ධයෙන් නිසි, විධිමත් මෙන්ම විද්‍යාත්මක ජාතික ප්‍රතිපත්තියක් නොමැති කම නිසා දැඩි අර්බුදකාරී තත්ත්වයන් රැසක් මතුව අැති බැවින් ඒ සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන මෙන් රජයට නියම කරන ලෙස ඉල්ලා සිටිමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර අැත. පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කර අැති මෙම පෙත්සම තුළින් ජනාධිපතිවරයා, මධ්‍යම පරිසර අධිකාරිය සහ කොළඹ මහනගර සභාව ඇතුළු තවත් පාර්ශව කිහිපයක් වගඋත්තරකරුවන් වශයෙන් නම් කර අැත.