සත්‍යයේ පුවත් අඩහැරය….

මහ නායක හිමිවරුන්ට යම් තරමකින් හෝ ගෞරවයක් අැත්නම් නව ව්‍යවස්ථා මර උගුලට සුජාතභාවයක් දෙන්න එපා – මහජන රාජ්‍ය සභාව

නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අස්ගිිරි පාර්ශවය සිය මතය ප්‍රකාශ කිරීමත් සමගම අාණ්ඩුව සහ රංගිරි දඹුළු විහාරස්ථානය අැතුළු භික්ෂූන් වහන්සේලා මෙන්ම විහාරස්ථාන අතර යම් අර්බුදකාරී තත්ත්වයක් අැතිවී කිබෙන අතර මේ වන විට එම තත්ත්වය වර්ධනය වෙමින් පවතින බව මහජන රාජ්‍ය සභාව පවසා සිටියි. ඊයේ (13) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වූ මහජන රාජ්‍ය සභාවේ සාමාජික පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් විසින් මෙම අදහස් පළ කරන ලද අතර වැඩිදුරටත් සිය අදහස් පළ උන්වහන්සේ පවසා සිටියේ රංගිරි දඹුළු විහාරස්ථානය වසා දැමුවේ පුරාවිද්‍ය සංරක්ෂණ අඥා පනත යටතේ ද නොමැතිනම් ‍අස්ගිිරි පාර්ශවයෙන් පළිගැනීමට ද යන්න විමසා සිටින බවයි.

මහ නායක හිමිවරුන්ට යම් තරමකින් හෝ ගෞරවයක් පවතින්නේ නම් මෙම නව ව්‍යවස්ථා මර උගුලට සහාය පළ නොකර ඊට සුජාතභාවය ලබා දීමට දායක නොවී අදාළ කටයුතු වලින් ඉවත් වන්නැයි ප්‍රධාන විපක්ෂයෙන් සහ ඒකාබද්ධ විපක්ෂයෙන් ඉල්ලා සිටින බව ද පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමි මෙහිදී තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුවට සහභාගී වී සිය අදහස් පළ කරමින් අාචාර්ය මොහාන් සමරනායක මහතා පවසා සිටියේ නව ව්‍යවස්ථාව සම්මත වුවහොත් ඉන් වෙනමම රාජ්‍ය නවයක් බිහිවී ශ්‍රී ලංකාව දැඩි අනතුරුදායක තත්ත්වයකට මෙන්ම මැද පෙරදිග, අප්‍රිකානු සහ ලතින් අැමෙරිකානු රටවල් වල තත්ත්වයට පත්වනු අැති ‍බවයි.

මෙම අවස්ථාව සදහා සිවිල් සංවිධාන ක්‍රියාකාරී අනුරාධා යහම්පත් මහත්මිය ද සහභාගි වන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට