සත්‍යයේ පුවත් අඩහැරය….

යහපාලනය බලයට ගෙන අා ජනතාවගෙන් විමසීමට සිදුව අැත්තේ “වෙනස සැපද?” යන්න පමණයි – පැවිදි හඩ සංවිධානය

වත්මන් පාලකයින් රට තුළ උද්ගතව අැති ගැටළුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් දැනගනු ලබන්නේ මාධ්‍ය තුළ ඒ පිළිබදව කරුණු වාර්තා වීමෙන් පසුව වීම පුදුම සහගත වන අතර ඒ අනුව රටේ පාලකයින් විසින් සිදු කළයුතු වගකීම් මාධ්‍ය මගින් ඉටු කරමින් සිටින බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ අානන්ද හිමියන් අවධාරණය කර සිටියි. පැවිදි හඩ සංවිධානය විසින් ඊයේ (13) නාරාහේන්පිට අභයාරාමයේදී පවත්වන ලද මාධ්‍ය හමු හමුවකදී මෙම අදහස් පළ කළ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ අානන්ද හිමි වැඩිදුරටත් පවසා සිටියේ වෙනසක් බලාපොරොත්තුවෙන් වත්මන් අාණ්ඩුව බලයට ගෙන අා රටේ ජනතාවගෙන් විමසීමට සිදුව අැත්තේ “වෙනස සැපද?” යන්න පමණක් බවයි.

වත්මන් යහපාලන අාණ්ඩුව සිය මඩිය තර කරගැනීමේ අරමුණින් පමණක් කටයුතු කරමින් සිටින අතර වත්මන් අාණ්ඩුව බලයට පත්වූ දා සිටම රට විනාශය කරා ගමන් කිරීම විනා රටට වූ සෙතක් නොමැති බව ද අානන්ද හිමියන් වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වූ පැවිදි හඩ සංවිධානයේ සාමාජික පූජ්‍ය ගොම්බද්දල දමිත හිමියන් පවසා සිටියේ, රංගිරි දඹුළු විහාරස්ථානය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් මතුවන ලද්දේ අස්ගිිරි පාර්ශවය විසින් වත්මන් අාණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව අදහස් පළ කිරීමෙන් පසුව වන අතර ඒ තුළින්ම වත්මන් අාණ්ඩුවේ පළිගැනීමේ ක්‍රියාදාමය මැනවින් විදහා දැක්වෙන බවයි. මහින්ද රාජපක්ෂ රජය විසින් දූෂණ, වංචා, සොරකම් සිදු කළ බවට දැඩිව චෝදනා කරන වත්මන් අාණ්ඩුවේ සාමාජිකයින් සම්බන්ධයෙන් විවිධ චෝදනා සම්බන්ධ පැමිණිලි රැසක් ඉදිරිපත් වීම නිසා දූෂණ මර්දන ලේකම් කාර්යාලය අහෝසි කිරීමට වත්මන් අාණ්ඩුව කටයුතු කරමින් සිටින බව ද පූජ්‍ය ගොම්බද්දල දමිත හිමි මෙහිදී වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා පැවිදි හඩ සංවිධානයේ සාමාජිකයින් වන අැලදූවේ පඤ්ඤාසීහ හිමියන් සහ අාචාර්ය පුංචිනිලමේ මීගහවත්ත මහතා ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට