සත්‍යයේ පුවත් අඩහැරය….

මෑන් පවර් වහල් ක්‍රමය නිසා වැඩකරන ජනතාව දැඩි පීඩාවකට පත්වෙලා – “මෑන් පවර් වහල් ක්‍රමයට එරෙහි සේවක මධ්‍යස්ථානය”

මෑන් පවර් වහල් සේවා ක්‍රමය නිසා වැඩකරන ජනතාව දැඩි අසරණ භාවයකට මෙන්ම දැඩි පීඩාවකට පත්ව අැති බව “මෑන් පවර් වහල් ක්‍රමයට එරෙහි සේවක මධ්‍යස්ථානය” අවධාරණය කර සිටියි. ඊයේ (13) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී පවත්වන ලද මාධ්‍ය හමුවක් පවත්වමින් එම සේවක මධ්‍යස්ථානයේ ප්‍රධන ලේකම් ජානක අධිකාරි මහතා විසින් මෙම අදහස් පළ කරන ලදී.

තවදුරටත් සිය අදහස් පළ කරමින් අධිකාරී මහතා පවසා සිටියේ ගැටළුකාරී තත්ත්වයක් බවට පත්ව තිබූ ලංකා විදුලි බල මණ්ඩලයේ මෑන් පවර් සේවකයින් 2000 ක්ගේ පමණ සේවය, අරගල කිරීමෙන් පසුව ස්ථිර කිරීමට මණ්ඩලය විසින් කටයුතු කරන ලද නමුත් ශ්‍රී ලංකා ටෙලිකොම් අායතනයේ තවමත් මෑන් පවර් සේවකයින් රැසක් සේවයේ නිරතව සිටින බවයි. මෑන් පවර් වහල් සේවා ක්‍රමය මෑතකදී සිට ක්‍රියාත්මක වන ක්‍රමවේදයක් නොව දිගුකාලයක් පුරා පැවත එන්නක් වුවද පැවති රජයන් මෙන්ම වත්මන් රජයද මේ වන තෙක් ඒ සම්බන්ධයෙන් නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි. මෑන් පවර් වහල් සේවා ක්‍රමයෙහි පවතින මෙම ගැටළු පිළිබදව ඉදිරියේදී බලධාරීන් අැතුළු ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව ද ජානක අධිකාරි මහතා තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා මෑන් පවර් වහල් ක්‍රමයට එරෙහි සේවක මධ්‍යස්ථානයේ ලේකම් ටී.එම් ඉන්දික, උප සභාපති සෝමදාස වීරතුංග සහ සාමාජික පියදාස ගමගේ යන මහත්වරුන්ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට