සිම්බාබ්වේ – ශ්‍රී ලංකා ප්‍රථම ටෙස්ට් තරගය අදයි, කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ මුලින් පන්දුවට පහර දෙයි..
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්.පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කර අැති බව වාර්තා වේ. රංගන හේරත් සහ දිල්රුවන් පෙරේරා ශ‍්‍රී ලංකා කණ්ඩායමට නම් කර අැති අතර ඉහළ මානසිකත්වයකින් මෙම තරගයට මුහුණ දෙන බව නව ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් ඊයේ (13) පවසා සිටින ලදී. ශ්‍රී ලංකාව මේ වන විට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල 07 වන ස්ථානයේ රැදී සිටියි.