සත්‍යයේ පුවත් අඩහැරය….

ආණ්ඩුවේ නාස්තිකාර වියදම් වලින් රණවිරු ගැටළු විසදිය හැකියි – “මව් බිම වෙනුවෙන් රණවිරුවෝ” සංවිධානය

 alt=රට වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ ගමන මර්දනය කිරීමේ වැඩපිළිවෙළක් ආණ්ඩුවේ බලධාරීන් විසින් දියත් කරමින් සිටින බව “මව් බිම වෙනුවෙන් රණවිරුවෝ” සංවිධානය අවධාරණය කර සිටියි.අද (16) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ මව් බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු විශ්‍රාමික මේජර්, නීතිඥ අජිත් ප්‍රසන්න මහතා විසිනි.

සිය අදහස් දක්වමින් නීතිඥ අජිත් ප්‍රසන්න මහතා පවසා සිටියේ පළාත් පාලන මැතිවරණය 2018 වසරේ ජනවාරි මාසය තුළ පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව විසින් පවසා සිටිය ද වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය හමුවේ රට තුළ උදාවී ඇති තත්ත්වය අනුව අදාළ දිනයේදී මැතිවරණය පැවැත්වීම සැක සහිත බවයි.

රට රැක ගැනීම වෙනුවෙන් යුද්ධයට ගොස් ආබාධිත රණවිරුවන් මේ වන විට මුහුණ දී ඇති ගැටළුකාරී තත්ත්වයන්ට මෙතෙක් නිසි විසදුම් ලැබී නොමැති අතර හිටපු යුදහමුදාපති, වත්මන් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් නිල වාහනයක් මිලදී ගැනීම සදහා වැය කිරීමට නියමිත රුපියල් කෝටි 7 ක මුදලින් කෝටි 04 ක් පමණක් වැයකර ආබාදිත රණවිරුවන්ගේ ගැටළු විසදිය හැකි බව ද අජිත් ප්‍රසන්න මහතා සිය අදහස් දක්වමින් මෙහිදී වැඩිදුරටත් පවසා සිටින ලදී.

ආබාධිත රණවිරුවන් මුහුණ දී ඇති විශ්‍රම වැටුප් ගැටළුව ඇතුළු අනෙකුත් ගැටළු සදහා නිසි විසදුම් ලබා දීමට ආණ්ඩුවට සති දෙකක කාලයක් ලබා දෙන අතර අදාළ කාලය තුළ එම ගැටළු විසදීමට බලධාරීන් කටයුතු නොකළහොත් ඉදිරියේදී රණවිරු පවුල් වල සාමාජිකයින් ඒකරාශී කරගනිමින් දැවැන්ත විරෝධතාවයක් දියත් කරන බව ද අජිත් ප්‍රසන්න මහතා තවදුරටත් අවධාරණය කර සිටින ලදී. මෙරට ප්‍රධානතම රණවිරු සංවිධානයක් ලෙස කටයුතු කරන තම සංවිධානය ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් එක් මැතිවරණ කොට්ඨාශයකට එක් රණවිරු බිරිදක් වශයෙන් නාම යෝජනා ලබා දීමට කටයුතු කරන බවද මෙහිදී අවධාරණය විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට