සත්‍යයේ පුවත් අඩහැරය….

ගැටුම්කාරී තත්ත්වය පාලනය කරන්න රජයට සහය දෙනවා – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

Podu Jana Peramunaමේ වන විට රට තුළ ඇතිවී තිබෙන ගැටුම්කාරී තත්වය පාලනය කිරීම සඳහා තමන් රජයට සහය දැක්වීමට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම අදහස් පළකරන ලද්දේ ඊයේ (07) පස්වරුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. රටේ ඇතිවී තිබෙන මෙම ගැටුම්කාරී තත්ත්වයෙන් රට මුදවා සාමය ඇතිකිරීම සදහා සමස්ත ජනතාවම එක්විය යුතු බව ද මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසා සිටියි.

මෙම මාධ්‍ය හමුව සදහා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, වාසුදේව නානයක්කාර, කෙහෙළිය රඹුක්වැල්ල, ජොන්ස්ටන් ප්‍රනාන්දු, බන්දුල ගුණවර්ධන, ජයන්ත සමරවීම එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී.එල් පීරිස් සහ තිස්ස විතාරණ යන මහත්වරුන් සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට