සත්‍යයේ පුවත් අඩහැරය….

මාසික වැටුප ලක්ෂයට වැඩි නම් බදු ගෙවන්න වේවී, දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව …

Podu Jana Peramuna2017 අංක 24 දරන නව දේශීය ආදායම් පනතට අදාළව බදු ප්‍රතිපත්තියක් හෙට (01) දින සිට ක්‍රියාත්මක බව දේශීය ආදායම් කොමසාරිස් අයිවන් දිසානායක මහතා අවධාරණය කරයි.ඒ අනුව ක්ෂේත්‍ර රැසක බදු ප්‍රතිපත්ති වල යමිකිසි වෙනස්කම් රැසක් සිදුව ඇති අතර සේවක අර්ථසාධක අරමුදල සහ විශ්‍රාම වැටුප් ක්‍රමය මෙම බදු වලින් නිදහස් කිරීමට දේශිය ආදායම් දෙපාර්තුමේන්තුව කටයුතු කර ඇත. නව බදු ප්‍රතිපත්ති වලට අනුව යම් පුද්ගලයකුගේ මාසික ආදායම රුපියල් ලක්ෂයක් නම් ඔහු මෙම බදු වලින් නිදහස් කර ඇති අතර රුපියල් 100000 සිට රුපියල් 150000 දක්වා 4%ක් ද, රුපියල් 150000 සිට රුපියල් 200000ක් දක්වා 8%ක් ද, රුපියල් 200000 සිට රුපියල් 250000 දක්වා 12%ක් ද, රුපියල් 250000 සිට රුපියල් 300000 දක්වා 16%ක් ද, රුපියල් 300000 සිට රුපියල් 350000 දක්වා 20% ක්ද වන ලෙස බදු ගණනය කරනු ලබයි. රුපියල් 350000 කට වැඩි අාදායමක් උපයන අය සඳහා බදු ගණනය කිරීමේ ප්‍රතිශතය 24% ක් ලෙස සදහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට