මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගයෙන් 21 මරුට..
2018 වසරේ මේ දක්වා ගතවූ මාස හය තුළ ඩෙංගු රෝගයෙන් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය අනාවරණය කර සිටියි. එමෙන්ම අදාළ කාලය තුළ ඩෙංගු රෝගීන් විසි තුන්දහසක්‌ද වාර්තා වී ඇත. එම කාලය තුළ වාර්තා වී ඇති රෝගීන් අතරින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්‌ත්‍රික්‌කයෙනි.