පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට දෙමළ ජාතික සන්ධානයෙන් නම් දෙකක්..
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ නියෝජනය සදහා දෙදෙනෙකුගේ නම් යෝජනා කිරීමට තීරණය කර ඇති බව දෙමළ ජාතික සන්ධානය අනාවරණය කර සිටියි. ඒ අනුව මේ වන විට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සදහා ආණ්ඩු පක්ෂය විසින් නියෝජිතයින් 07 ක්, එක්සත් ජාතික පෙරමුණින් නියෝජිතයින් 05 ක්ද, ජනතා විමුක්ති පෙරමුණින් නියෝජිතයින් 02 ක් ද ඉදිරිපත් කර තිබේ.