හෙරොයින් කිලෝග්‍රෑම් 32 ක් සමග බංග්ලාදේශ ජාතිකයෙක්ද අත්අඩංගුවට …
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් දෙහිවල ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදි රුපියල් මිලියන 388 ක වටින හෙරොයින් කිලෝග්‍රෑම් 32 ක් අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත. මෙම හෙරොයින් තොගය සමග 23 හැවිරිදි බංග්ලාදේශ ජාතිකයෙක්ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කරයි.