සත්‍යයේ පුවත් අඩහැරය….

රටේ ජාතික ආරක්‍ෂාව පිළිබඳව ආණ්ඩුව මීට වඩා සැලකිල්ලෙන් කටයුතු කළ යුතුයි – ජාතික භික්ෂු පෙරමුණ

Podu Jana Peramunaඊයේ (21) දිනයේදී දිවයිනේ ස්ථාන කිහිපයකට එල්ලවූ ප්‍රහාරය දැඩිව හෙළා දකින බවත් එම ප්‍රහාර හේතුවෙන් මිය ගිය සියඵ ජනකොටස් වලට දැඩි සංවේගය පළකරන බවත් ජාතික භික්‍ෂු පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියි. ජාතික භික්‍ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන්ගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර ඇත.

ඊයේ සිදුවූ හදිසි ප්‍රහාර නිසා මුළු රටම මේ වන විට දැඩි නොසන්සුන්කාරී තත්වයකට පත්ව ඇති අතර මේ දක්වාම රජය මගින් මෙම සිදුවීම් දාමය පිළිබඳව නිවැරදි ප‍්‍රකාශයක් නොකිරීම නිසා මෙම සිදුවීමේ ව්‍යාකූලත්වය තවත් බරපතල වී ඇති බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ. මෙම ප‍්‍රහාරයට සම්බන්ධ සැබෑ වගඋත්තරකරුවන් සොයා අත්අඩංගුවට ගෙන නීතිය ක‍්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ වගකීමක් වන බව අවධාරණය කරන බවත් මෙම ප‍්‍රහාර මාලාවට මුවාවී විවිධ පුද්ගලයන්ට හා සංවිධානවලට එල්ල විය හැකි අභූත චෝදනා හා හිංසාකාරී ක‍්‍රියාකාරකම් වැළැක්වීම වෙනුවෙන් ආණ්ඩුව කඩිනම් වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කළ යුතුව ඇති බවත් ජාතික භික්ෂු පෙරමුණ මෙම නිවේදනය තුළ වැඩිදුරටත් සදහන්වේ. මෙවැනි හදිසි ප්‍රහාර මාලාවක් සිදුවීම සම්බන්ධයෙන් ආණ්ඩුව දැඩිව අවධානය යොමුකළ යුතුව ඇති අතර ජාතික ආරක්‍ෂාව පිළිබඳව ආණ්ඩුව මීට වඩා සැලකිල්ලෙන් කටයුතු කළ යුතුව ඇති බවත් මෙම ලිපියෙහි තවදුරටත් සදහක් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට