සත්‍යයේ පුවත් අඩහැරය….

රාජ්‍ය සේවක ඇඳුම සම්බන්ධයෙන් නිකුත් කළ චක්‍රලේඛ්‍ය අහෝසි කළ බවට පළවන වාර්තා අසත්‍යයි – රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරන අමාත්‍යාංශය

Podu Jana Peramunaරාජ්‍ය ආයතන්හි සේවය කරන නිලධාරී, නිලධාරිනියන් විසින් පැළදිය යුතු ඇදුම අනිවාර්යය කරමින් නිකුත් කර ඇති චක්‍රලේඛය අත්හිටුවා ඇති බවට පළවන වාර්තා සත්‍යතාවයෙන් තොර බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරන අමාත්‍යාංශය අනාවරණය කර සිටියි.පසුගියදා නිකුත් කරන ලද අදාළ චක්‍රලේඛයට එල්ලවන ලද විරෝධතාවය හමුවේ එය අත්හිටුවා ඇති බවට මාධ්‍ය තුළ විවිධ ප්‍රවෘත්ති පළවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරන අමාත්‍යාංශය ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා විසින් මෙම අදහස් දක්වන ලදී. අදාළ චක්‍රලේඛය මගින් රාජ්‍ය නිලධාරීන් හට කමිසය සහ කලිසමත්, නිලධාරීනියන්ට සාරිය හෝ ඔසරියත් ඇඳිම අනිවාර්යකරන ලද අතර අනන්‍යතාව හඳුනාගත නොහැකි ලෙස කිසිදු රාජ්‍ය නිලධාරියෙක් හෝ නිලධාරිනියක් මුහණ ආවරණය කර නොගත යුතු බව ද සදහන් කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට