සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සමුළුව අද කොළඹදී..

Podu Jana Peramunaශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සමුළුව අද (11) සවස 03.00 ට කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව ඇත. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට පිරිනැමීම මෙන්ම ඉදිරි ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීම ද මෙහිදී සිදුකෙරෙනු ඇත. මේ අතර මෙම ජාතික සම්මේලනයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසා සිටියි. පක්ෂයක් වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම අවස්ථාවට සහභාගී නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියි. මේ අතර තමන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් මෙම සම්මේලනයට සහභාගී වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට