සත්‍යයේ පුවත් අඩහැරය….

නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් වැඩිම මුදලක් වෙන් කළේ වත්මන් ආණ්ඩුව – අගමැති ..

Podu Jana Peramunaනිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් වැඩිම මූල්‍ය ප්‍රතිපාදන වෙන්කළ ආණ්ඩුව වත්මන් ආණ්ඩුව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ පාසල් ගොඩනැඟිලි 500ක් සිසු අයිතියට පැවරීමේ ජාතික උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා සිටින ලදී. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ අධ්‍යාපන අමාත්‍යංශය විසින් දිවයින පුරා ඉදිකරන ලද පාසල් ගොඩනැගිලි 500ක් සිසු අයිතියට පැවරීමේ ජාතික උත්සවය කහතුඩුව වෙනිවැල්කොළ විශේෂ හා අන්තර්කරණ අධ්‍යාපනය පිළිබඳ ජාතික ආයතනයේදී අද(09) පෙරවරුවේ පවත්වන ලදී. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වේ. එම පරිශ්‍රයේ ඉදිකළ පරිපාලන හා තක්සේරුකරණ දෙමහල් ගොඩනැඟිල්ල පළමුව අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත කළ අතර අනතුරුව ශ්‍රවණාගාරය හා සුහුරු පන්තිකාමර සහිත ගොඩනැගිල්ල ද අග්‍රාමාත්‍යවරයා විසින් විවෘත කරනු ලැබීය. විශේෂ අවශ්‍යතා සහිත දරුවන් අධ්‍යාපනය ලබන ආයතනයක් මෙහි සමාරම්භක අවස්ථාව සඳහා තෝරාගැනීම විශේෂත්වයක් ලෙස පෙන්වාදිය හැකිය. මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසා සිටියේ, මෙම වැඩසටහන යටතේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති බවයි. විදුහල්පතිවරුන් 4000ක් බඳවා ගත් බවත්, නොබෝ දිනකින් තවත් 2000ක් පමණ බඳවා ගන්නා බවත් පැවසු අමාත්‍යවරයා, මේ ගැන රටේ ජනතාව නොදන්නා බවත් කියා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට