සත්‍යයේ පුවත් අඩහැරය….

ඇවන්ගාර්ඩ් නඩුවෙන් ගෝඨාභය ඇතුළු 08 දෙනා නිදහස්..

Podu Jana Peramunaපාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමෙන් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් විත්තිකරුවන් ලෙස නම් කරන ලද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු අට දෙනෙකු නිදහස් කරන්නැයි අධිකරණය විසින් නියෝග කර ඇති බව වාර්තා වේ. ගාලු වරාය අසල මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සදහා ඇවන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස් සමාගමට අනුමැතිය දීමෙන් රජයට පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු අට දෙනෙකුට එරෙහිව ගොනුකරන ලද නඩුවක් විභාගයට ගත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (23) මෙම නියෝගය ලබාදී ඇත. අදාළ විත්තකරුවන් පිරිස නිදහස් කරන්නැයි අභියාචනාධිකරණය විසින් ලබාදෙන ලද නියෝගයකට අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉහත නියෝගය ලබාදී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට