රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති රැසක් අසනීප නිවාඩු වාර්තා කිරීමෙන් ආයතන රැසක කටයුතු අඩාලයි..
සිය දීමනා සහ වැටුප් සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුකාරී තත්ත්වයන්ට විසදුම් ලබාදෙන්නැයි ඉල්ලා රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති 28 ක සාමාජිකයින් අද (23) ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක යෙදී සිටියි. මේ සදහා සමස්ත ලංකා පරිපාලන නිලධාරීන්ගේ සංගමය, ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ, ශ‍්‍රී ලංකා ග‍්‍රාම නිලධාරී සංගමය, ශ‍්‍රී ලංකා ගුරු සංගමය මෙන්ම කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගම් ඇතුළු වෘත්තීය සංවිධාන රැසක් එක්ව සිටියි. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් රජයේ ආයතන රැසක කටයුතු අඩාලවී ඇති බව ද වාර්තා වේ.