සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් ඕනෑම කැපවීමක් කරනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම

Podu Jana Peramunaවෙනත් දේශපාලන පක්ෂ සමග එක්වීම සහ ඒ වෙනුවෙන් සාකච්ඡා කිරීම නිසා පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තෙවන ස්ථානයට පත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, කිසිදු විටෙක වෙනත් පක්ෂයක හබලක් නොවිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය අවධාරණය කර සිටියි.පෙරේදා ඊයේ (24) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රත්ගම ආසනයේ හිටපු ආසන සංවිධායක අමරසිරි කුරුවගේ මහතා විසිනි.

පක්ෂයේ අනන්‍යතාවය සහ පාක්ෂිකයින් ආරක්ෂා කරගැනීම සදහා කිසිදු පක්ෂයකට මුක්කු ගැසීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් මෙවර ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කළයුතුව ඇති බවත් අමරසිරි කුරුවගේ මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුවට සහභාගිවූ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ඕනෑම කැපවීමක් කිරීමට තමන් සූදානම් බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයින් බලාපොරොත්තු වන්නේ තම පාක්ෂිකයෙකු රටේ නායකත්වයට පත්වනු ඇතැයි යන්න වන අතර පක්ෂය වෙනුවෙන් තමා වුවද ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බව ද වෙල්ගම මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට