සත්‍යයේ පුවත් අඩහැරය….

තම විජාතික ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමේ නව විකුණුම් නිලධාරියා ලෙස සජිත් ප්‍රේමදාස පත්කිරීම තමයි රනිල් වික්‍රමසිංහගේ අරමුණ – දේශප්‍රේමි එක්සත් ජාතික පක්ෂය

Podu Jana Peramunaපාලකයින් ධාර්මිකව රට පාලනය කරන්නේ නම් ස්වභාව ධර්මය වුවද රටකට ආශිර්වාද කරනමුත් වත්මන් පාලකයින්ගේ ක්‍රියාකලාපය හමුවේ රටේ කාලගුණ තත්ත්වය පවා ජනතාවට දැඩි බලපෑමක් එල්ලකරන තත්ත්වයක් මේ වන විට උද්ගතව ඇති බව දේශප්‍රේමි එක්සත් ජාතික පක්ෂය අවධාරණය කර සිටියි. දේශප්‍රේමි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් සුගත් හේවාපතිරණ මහතා විසින් මෙම අදහස් පළකරන ලද්දේ ඊයේ (25) කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

මෙහිදී සුගත් හේවාපතිරණ මහතා වැඩිදුරටත් පහත පරිදි සිය අදහස් පළකරන ලදී.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු වත්මන් ආණ්ඩුව යටතේ බුදුදහමට කිසිදු විශාල හානියක් සිදුවෙමින් පවතිනවා. මුලතිව් ප්‍රදේශයේ විහාරස්ථානයක අපවත්වූ ස්වාමීන් වහන්සේගේ දේහය ආදාහනය කිරීමට එරෙහිව අධිකරණ නියෝග පවා ලබාගන්නා තත්ත්වයක් මේ වන විට උද්ගත වෙලා.

ආණ්ඩුව බලයට පත්වූ වහාම බෞද්ධ සිද්ධස්ථාන වල සිටි අලි පැටව් අත්අඩංගුවට ගෙන උඩුවේ ධම්මාලෝක වැනි භික්ෂුන් වහන්සේලා සිරගත කිරීමට පවා කටයුතු කළා. සත්ව හිංසනය යැයි පවසමින් එවැනි කටයුතු කළේ රාජ්‍ය නොවන සංවිධානවල වුවමනාවන්ට අනුව ආණ්ඩුව කටයුතු කරමින්. ශ්‍රී ලංකාව යනු බෞද්ධ රටක් නොවන බව අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය දිනෙක පවසා සිටියා. එවැනි ප්‍රකාශයක් සිදුකිරීම පිළිබදව අපට ඇත්තේ කණගාටුවක්.

නව හමුදාපතිවරයෙක් පත්කළහම ඇමෙරිකානු තානාපතිනිය ඒ ගැන කරුණු විමසන ත්ත්වයක් උද්ගත වෙලා තිබෙන්නේ. රට නිදහස් කරදුන් රණවිරුවන් අද වන විට තමන්ගේ වැටුප සහ විශ්‍රාම වැටුප ලබාගන්නා මහපාරේ විරෝධතා දියත් කරනවා. මේ විදියට රටත් ජාතියත් ගැන නොසිතන වත්මන් ආණ්ඩුවට ස්වාභාව ධර්මයේ ආශිර්වාදය කිසිදු දිනෙක ලැබෙන්නේ නෑ. රැකියා දශ ලක්ෂයක් ලබාදෙන බවටත් ආයෝජන රටට ගෙන එන බවටත් උදම් ඇනූ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව විසින් ගතවූ වසර හතර හමාරක කාලය තුළ රට වෙනුවෙන් කළ කිසිවක් නෑ. වසර 25 ක පමණ කාලයක් පුරා රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකිරීමට උත්සහ කළ රටට එරෙහි ද්‍රෝහි ක්‍රියාමාර්ගය තවත් ඉදිරියට ගෙනයාමට නොහැකි තරම් එක්සත් ජාතික පක්ෂය ජනතා අප්‍රසාදයට පත්වෙලා අවසන්. තමන්ගේ අපේක්ෂකයාවත් නිවැරදි විදියට තෝරාගැනීමට එක්සත් ජාතික පක්ෂයට නොහැකි වෙලා. රනිල්, සජිත් සහ කරූ යන තුන්දෙනාගෙන් කවුරුන් ඉදිරිපත් වුනත් ඉදිරි ජනාධිපතිවරණයට ජයගන්න බෑ කියන එක ස්ථිරයි. රනිල් වික්‍රමසිංහ මහතා කොන්දේසි කිහිපයක් පනවලා සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකතාවය ලබාදීම සම්බන්ධයෙන්. ජනප්‍රියතාවය බිංදුවටම බැසීම නිසා තමන්ගේ විජාතික ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමේ අරමුණ ඇතිව නව විකුණුම් නිලධාරියා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත්කිරීම තමයි තමයි රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ වී ඇත්තේ. කවුරු නායකත්වයට පත්වුනත් එම නායකයා, රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන නොයන, විජාතික බලවේගයන්ට රට පාවානොදෙන සහ බුදු දහමට ප්‍රමුඛතාවය ලබානොදෙන අයෙකු වියයුතුයි කියන එකයි අපේ අදහස. රට විනාශය කරා ගෙනයන ෆෙඩරල් ව්‍යවස්ථා ඇතිකර විජාතික බලාවේගයන්ට රට විකුණන නායකයින්ට පාලන බලයට පැමිණීමට කිසිදු අවස්ථාවක් ලබානොදිය යුතුයි. ඒ සදහා කටයුතු කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ දේශප්‍රේමි අපේක්ෂකයින්ට අපි ආරාධනා කර සිටිනවා. මෙම මාධ්‍ය හමුව සදහා දේශප්‍රේමි එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති නිහාල් රත්නායක සහ භාණ්ඩාගාරික සරත් ජයවික්‍රම යන මහත්වරුන්ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට