සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රකාශිත උපරිම සිල්ලර මිල බලාත්මක කිරීමට ජනපතිගෙන් පාරිභෝගික අධිකාරියට නියෝග ..

Podu Jana Peramunaප්‍රකාශිත උපරිම සිල්ලර මිල බලාත්මක කිරීමට සහ උත්සව සමයේදී අත්‍යාවශ්‍ය භාණ්ඩ නොකඩවා වෙළදපොලට සැපයීම සහතික කිරිමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දී ඇත. සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 98ක් ලෙසට ගැසට් කර තිබුණ ද බොහෝ ස්ථානවල එය සිදු නොවන බවට පැමිණිලි ලැබී ඇති බැවින් ඒ පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට උපදෙස් ලබාදී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. වෙළඳපොල සැපයුම් තත්ත්වය පරික්ෂා කරමින් සහල් සැපයුම් මධ්‍යස්ථානවල තොඟ පරික්ෂා කර දෛනිකව ඒවා මුදා හැරීම සඳහා කණ්ඩායමක් පත් කරන ලෙසට ද ජනාධිපතිවරයා පාරිභෝගික කටයුතු අධිකාරියට නියෝග කර ඇත. අනවශ්‍ය ලෙස සහල් ආනයනය හෝ වෙළඳපොල මෙහෙයුම් කටයුතු සඳහා වෙනත් ආකාරයේ රජයේ මැදිහත්විම සඳහා බලනොකෙරන පරිදි වී වෙළඳපොලෙහි සැපයුම් තත්ත්වය සහතික කිරිම වී මෝල් හිමියන්ගේ සහ වෙළඳුන්ගේ වගකීම බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට