රන්ජන් රාමනායක මහතාගේ හඬපට මාධ්‍යයට මුදාහැරි බවට කරන චෝදනා පොලිසිය ප්‍රතික්ෂේප කරයි..
රංජන් රාමනායක මහතා සම්බන්ධයෙන් හඬපට මාධ්‍ය වෙත මුදාහැර ඇතැයි පොලිසිය වෙත කරනු ලබන වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි. එම වගකීම පැවරෙන්නේ අදාළ හඬපට සන්තකයේ තබාගෙන සිටි පිරිස වෙත බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි. මෙම හඬපට සහිත දෘඩ තැටිය බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි ත්‍රිරෝද රථ රියදුරෙකු විසින් පසුගිය ජනවාරි 02 වනදා මිරිහාන පොලිසිය වෙත භාරදී ඇතැයි එම අරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.