පිළියන්දල රසායනික ද්‍රව්‍ය අලෙවි සැලක ගින්නක්, ජීවිත හානියක් නෑ..
පිළියන්දල ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය අලෙවි සැලක අද (24) අළුයම් කාලයේ ගින්නක් හට ගෙන ඇති බව වාර්තා වේ. පිළියන්දල, වෑවර හන්දිය ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය අලෙවි සැලක මෙම ගින්න හටගෙන ඇත. ගින්න නිසා කිසිදු ජීවිත හානියක් සිදුව ඇති බවට තොරතුරු වාර්තාවී නොමැති අතර ගින්න පාලනය කිරීමට මොරටුව හා දෙහිවල ගිනි නිවීමේ ඒකකයන්හි ගිනි නිවන රථ යොදවා තිබේ. පිළියන්දල පොලීසිය විසින් ගින්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.