සත්‍යයේ පුවත් අඩහැරය….

එක්දිනකට හෝ පාර්ලිමේන්තුව කැඳවා ජනතාව පීඩාවෙන් මුදවාගන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානායක

Podu Jana Peramunaදැනට පවතින භාරකාර ආණ්ඩුව ලබන මස 03 වනදා වනවිට අහෝසි වන බැවින් පවතින ව්‍යවස්ථා අර්බුදය සදහා විසදුමක් ලබාදීමට එක්දිනකට හෝ පාර්ලිමේන්තුව කැඳවා මේ වනවිට ජනතාව පත්ව ඇති ඉරණමෙන් ඔවුන් බේරාගැනීමට කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානායක මහතා අවධාරණය කර සිටියි. ඊයේ (13) කොළඹ පිහිටි සමඟි ජන බලවේග සන්ධානයේ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඒ මහතා මෙම අදහස් පළකරන ලදී. මෙහිදී මයන්ත දිසානායක මහතා පහත පරිදි සිය අදහස් දක්වා සිටියේය.

මේ වනවිට රට තුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ ගොවීන්ට පොහොර, බීජ සහ අවශ්‍ය කෘෂි උපකරණ ලබාදීමට කටයුතු කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. විපක්ෂය සමඟත් සාකච්ඡා කර රටේ ආර්ථිකය නඟාසිටුවීමට වැඩපිළිවෙලක් සකස් කළයුතුව තිබෙනවා. පාර්ලිමේන්තුව යළි කැඳවන්නැයි විපක්ෂය පවසන්නේ එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය යළි එක්වීමේ අරමුණින් යැයි උදය ගම්මන්පිල මහතා විසින් කරන චෝදනාව තරයේ හෙලාදකිනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව ජයග්‍රහණය කරවීමට කැපවූ “වියත් මඟ” සංවිධානයේ සාමාජිකයින්ට නාම යෝජනා නොලැබීම නිසා එම පුද්ගලයින් ද සමඟි ජන බලවේගය සමඟ එක්වීමට සාකච්ඡා කරමින් සිටින්නේ.

ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ සියළුම බිල්පත් ජනතාව වෙත බෙදාහැරීමට ආදාළ අංශ කටයුතු කිරීම නිසා ජනතාව විශාල මුල්‍ය අර්බුදයකට ලක්වන තත්ත්වයක් උදාවෙලා. ජනාධිපතිවරයා මැදිහත්වී ජනතාවට කිසියම් සහනයක් හෝ ලබාදෙන්නැයි සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කළා.

රුපියල් 5000 ක දීමනාව දේශපාලනීකරණයවී අවසන්. සමඟි ජන බලවේගය කිසිදු විටෙක එක්සත් ජාතික පක්ෂය පාවාදීමට කටයුතු කරන්නේ නෑ. හෙට දිනයේ මැතිවරණයක් පැවැත්වූවත් ඒ සඳහා විපක්ෂය සූදානම්.

මෙම මාධ්‍ය හමුව සඳහා හිටපු පළාත් සභා මන්ත්‍රි නිරෝෂන් පාදුක්ක මහතා ද සහභාගි වෙමින් පහත පරිදි සිය අදහස් පළකරන ලදී.

කෘෂිකර්මාන්තය නඟාසිටුවීමට ගොවීන්ට නොමිලේ පොහොර ලබාදෙන බව පවසමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව එම පොරොන්දුව මෙතෙක් ඉටුකර නොමැති බව.

රාජ්‍ය ආයතන සියල්ලගේම ප්‍රධානීන් ලෙස හමුදා නිලධාරීන් යෙදවීමෙන් රට මිලිටරිකරණය කිරීමේ උත්සහයක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට