සත්‍යයේ පුවත් අඩහැරය….

රට තුළ දැවැන්ත ආර්ථික අර්බුදයක් – සමගි ජන බලවේගය ..

Podu Jana Peramunaමේ වන විට රටේ සමස්ත ජනතාව දැඩි අවධානමකට පත්ව ඇති අතර එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ කොරෝනා වසංගතය නිසා ඇති වු ආර්ථික අර්බුදය බවට එ.ජා.ප. හිටපු පාර්ත්ලිමේන්තු මන්ත්‍රි ගයන්ත කරුණාතිලක මහතා පවසයි. එම නිසා දෛනික වැටුප් ලබන පුද්ගලයින්ට ජීවත්වීමට ආදායම් මාර්ගයන් නොමැතිවීම සහ රැකියා අහිමිවීම යන බරපතල තත්ත්වයන් උදාවී ඇති අතර එම නිසා විපක්‍ෂය ලෙස තම පාර්ශය දිගින් දිගටම රජයට පවසා සිටින්නේ ලෝක වෙළඳපොල තුළ ඉන්ධන මිල අසීමිත ලෙස අඩුවී ඇති නිසා එහි වාසිය ජනතාවට ලබාදෙන ලෙස වුවත් මේ දක්වා එය ඉටුකිරීමට බලධාරීන් පිටවර ගෙන නොමැති බවයි. සමගි ජන බලවේග කාර්යාලයේ දී පවත්වන ලද මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පවසා සිටිය අතර යහපාලන පාලන සමයේ දී බොරතෙල් බැලරයක මිල ඇමෙරිකානු ඩොලර් 68 ක් වු අතර අද වන විට එය ඇමෙරිකානු ඩොලර් 28 දක්වා අඩු වී ඇති බවත් එහි වාසිය රටේ ජනතාවට ලබාදීමට කටයුතු කර නොමැති අතර තවදුරටත් ඉන්ධන මිලදි ගැනීමට සිදුව ඇත්තේ අසීමිත මිලකට බවත් ඉන්ධන වාසිය ජනතාවට ලබාදෙන ලෙස විපක්‍ෂය ලෙස ඉල්ලා සිටි සෑම මොහොතකම එය සිදුනොකර වෙනත් ක්‍රියාමාර්ගයන් දියත් කිරීමට ආණ්ඩුව කටයුතු කළ අතර ඒ අනුව ජනාධිපතිවරයා ජාතිය අමතිමින් පිරිප්පු සහ සැමන් වල මිල අඩු කිරීමට කටයුතු කළ ද අද වන විට එම මිල ගණන් නැවත ඉහළ දැමීමට කටයුතු කර ඇති බව එතුමා වැඩිදුරටත් පවසන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට