සත්‍යයේ පුවත් අඩහැරය….

ආණ්ඩුව අත්‍යවශ්‍ය භාණ්ඩවලට බදු පැනවීම අසාධාරණයි – සමගි ජන බලවේගය ..

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුවෙන් මෙරට ජනතාවට මෙතෙක් කිසිදු සහනයක් ලැබී නොමැති අතර ලැබුනු එකම දෙය කොරොනා පමණක් බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසයි. ඒ මහතා මේ බව පවසා සිටියේ ඊයේ (25) දින සමගි ජන බලවේගය සංවිධාන කාර්යාලයේ දී පවත්නවන ලද මාධ්‍යය හමුවකට එක්වවෙමින්ය. වත්මන් ආණ්ඩුව ජනතාවට සහන ලබාදෙන බව පෙන්වීමට සැමන්, පරිප්පු ආර්ථිකයක් සකස්කිරීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් එම භාණ්ඩ මිල පහළ දැමීමට ආණ්ඩුව කටයුතු කළත් එම සහනය තවදුරටත් ලබාදීමට කටයුතු නොකර මේ වන විට එයද ඉවත් කිරීමට කටයුතු කර ඇති බව හෙතම පවසයි. රටත් ආරක්ෂා කරමින් ජනතාවට සහන ලබාදීම ආණ්ඩුවක වගකීම වන අතර විවිධ හේතු පවසමින් එම වගකීම පැහැරහැරීමට ආණ්ඩුවකට නොහැකි නමුත් ජනතාවට දැඩි පීඩාවකට ලක්ව ඇති මෙවැනි ව්‍යසනකාරී තත්ත්වයකදී මෙවැනි තීරණ ගැනීම සුදුසු නොවන බව හෙතම පවසයි. ලෝක වෙළඳපොළෙහි තෙල් මිල දැඩි ලෙස පහළ බැසීම නිසා අධික ලාභයක් සහ මුදලක් උපයන බැවින් ජනතාවට සහන ලබාදීමට මුදල් නොමැති යැයි පැවසීමට ආණ්ඩුවට කිසිදු ලෙසකින් නොහැකි නමුත් පරිප්පු, සීනි ආදී භාණ්ඩ මත මේ ආකාරයට බදු පනවන්නේ මන්දැයි විමසන බවත් ඒ අනුව සුදුළූනු, රතුළූනු, සීනි, අර්තාපල් වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ සියල්ලටම පාහේ බදු පනවා ඇති බවත් ජනතාව සූරාකන බදු ලෙස මෙම බදු හැඳින්විය හැකි බව හෙතම වැඩිදුරටත් පවසන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට