සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

සජිත් විපක්ෂ ප්‍රධාන සංවිධායක ධූරය ඉල්ලයි..

Sajith_Premadaකිසිදු ඉල්ලීමක් පක්ෂයෙන් නොකර සිටි සජිත් මෙවර පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය ඉල්ලා ඇත. ඒ තම හිතවතෙකුගේ මාර්ගයෙන්ය. එසේ කළ ඉල්ලීමට පක්ෂ නායකත්වය තවමත් ප්‍රතිචාර දක්වා නැත. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එම ඉල්ලීම පිළිබද පක්ෂයේ ජේෂ්ඨයින්ගෙන් විමසා ඇත. එවිට ඔවුන් ද පවසා ඇත්තේ පක්ෂ ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය යටතේ එම තනතුර සජිත්ට ලබා දීම වඩාත් සුදුසු බවය. මෙම තනතුරට රවි කරැණානායක ද බලා සිටින බැවින් මෙම තනතුර සජිත්ට ලබා දීමේදී විශාල ගැටලු රැසක් උත්ගත වීමට හැකි බව පක්‍ෂයේ ඇතැමුන්ගේ මතය වී ඇත.

ජනපති හා රනිල් අතර විශේෂ හමුවක්..

rani and praඅද උදෑසන 1000ට පමණ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හා ජනාධිපතිතුමා අතර සාකච්ඡාවක් අරලිය ගහ මන්දිරයේදී ආරම්භ විය. මෙම සාකච්ඡාව හදිසියේ කැදවූ එකකි. මෙම සාකච්ඡාව පවත්වන්නේ කුමක් සදහාද යන්න තවමත් මාධ්‍යට හෙලි දරව් කර නොමැත. මේ හේතුව නිසා සියලු මාධ්‍යයන් මෙම සාකච්ඡාවේ ප්‍රතිඵල ලැබෙන තෙක් බලා සිටී. වැඩිපුර කියවිමට.. »

දෙවන යුධ අධිකරණය අද..

gen sfජනරාල් සරත් ෆොන්සේකා අද දෙවන යුද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.  ඒ සඳහා දෙවන යුද අධිකරණය අද පස්වරු දෙකයි තිහට කොළඹ නාවික හමුදා මූලස්ථානයේදී රැස් වීමට නියමිතව ඇත.  යුද හමුදාපතිව සිටියදී හමුදා මිලදී ගැනීම් සම්බන්ධයෙන් සිදුවී ඇතැයි කියන අක‍්‍රමිකතාවන් කිහිපයක් පිළිබඳ චෝදනා දෙවන යුද අධිකරණය හමුවේ ජනරාල් සරත් ෆොන්සේකා‍‍ට එරෙහිව ඉදිරිපත් වී ඇත.   වැඩිපුර කියවිමට.. »

අනෝමාට කොටුව පොලිසියට එන්න කියයි..

4377783751_fefa633b4ජෙනරාල් සරත් ෆොන්සේකාගේ බිරිද අනෝමා ෆොන්සේකාට උදෑසන කොටුව පොලිසියට පැමිණෙන ලෙස දන්වා ඇත. ඒ කටඋත්තරයක් ලබා ගැනීම සදහායි. ජෙනරාල් තවමත් හමුදා අත්අඩංගුවේ සිටී. ඔහුට විරුද්ධව එල්ල වී ඇති චෝදනා තවමත් යුධ අධිකරණයේ විභාගයට ගනිමින් සිටී. මෙවර මහ මැති‍වරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානයෙන් අපේක්ෂයෙකු ලෙස ඉදිරිපත් වූ ජෙනරල් පාර්ලිමේන්තුවට තේරී පත් විය.

CID සී සී කඩ..

Untitled-1 copyසි අයි ඩී එක තුළ මේ වන විට සිටින සියලුම සහකාර පොලිස් අධිකාරීවරැන් ඇතුළුව ‍නියෝජ්‍ය පොලිස්පති දක්වා තනතුරැ වල නිලධාරීන්ට ස්ථාන මාරැවීම් ලබා දී ඇත. ඒ මෙවර මහ මැතිවරණයෙන් පසුවය. ජෙනරාල් සරත් ෆොන්සේකා සම්බන්ධව පරීක්ෂන කටයුතු කරගෙන යනු ලබන්නේද සී අයි ඩී ය මගිනි. නමුත් ඔවුන්ට මේ වන තෙක් හයිකෝප් ගනුදෙනුවට අදාල ධනුන අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී නොමැත. කෙසේ වෙතත් ‍සී අයි ඩී නිලධාරීන්ට ලැබී ඇති මෙම ස්ථාන මාරැවීම් වහාම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස පොලිස්පතිට නියෝග ලැබී ඇති බව වාර්තා‍ වේ.

බෝගොල්ලාගමට තියෙන සැප ෆේරියල්ට නෑ..

ro and feමෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ‍හිටපු ‍විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම හා හිටපු නිවාස හා පොදු පහසුකම් ඇමතිනී ෆේරියල් අෂ්රොෆ් යන අය පාරාජයට පත් විය. නමුත් මේ වන විටත්‍ රෝහිත බෝගොල්ලාගම තම අමාත්‍ය නිලයේ බලතල භුක්ති විදිමින් සිටී. ඔහු  තවමත් වෙඩි‍ නොවදින වාහනයක් සහ තවත් වාහන 20කට වාඩා විදේශ කටයුතු අමාත්‍යංශයේ වියදමින් භාවිතා කරයි. වැඩිපුර කියවිමට.. »

එජාපයට නියෝජ්‍ය නායකවරු හතරදෙනෙක්..

Untitled-1 copy7වන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව එජාපය ප්‍රතිසංවිධානය කිරීමට පක්ෂ නායකත්වය තීරණය කර ඇත. ඒ අනුව මෙවර එජාප යේ නියෝජ්‍ය නායකත්වය සදහා 4දෙනෙකුගේ නම් යෝජනා වී ඇත. එනම් කරු ජයසූරිය, තිස්ස අත්තනායක,රවී කරුණානායක හා සජිත් ප්‍රේමදාසයි. මෙම තීරණයට අමතරව පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය රවී කරුණානායකට ලබා දීමට පක්ෂය තීරණය කර ඇති බව පක්ෂ ආරංචි මාර්ග පවසයි. මෙසේ යෝජනා වී ඇති 4දෙනාම පක්ෂයේ නියෝජ්‍ය නායකවරුන් ලෙස පත් කිරීමට නියමිතව ඇති බව සිරිකොත ආරංචි මාර්ග වලින් තහවුරු වී ඇත. වැඩිපුර කියවිමට.. »

එජාපයේ ප්‍රතිසංවිධානයක් අවශ්‍යයයි..

Sagith_peremadasaඑක්සත් ජාතික පක්ෂය කඩිනම් ප‍්‍රතිසංවිධානය වීමේ අවශ්‍යතාව එම පක්ෂයේම මන්තී‍්‍රවරුන් විසින් පෙන්වා දෙයි. ඔවුන් සඳහන් කරන්නේ එසේ නොවුණහොත් පක්ෂය තවදුරටත් ජනතාවගෙන් ඈත් වන බවයි. පක්ෂය ප‍්‍රතිසංවිධානය කළ යුතු බවට තමා කාලයක සිට හඩ නැගුවත් ඉන් ඵලක් නොවූ බව හම්බන්තොට දිස්ති‍්‍රක් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාස පවසයි. වැඩිපුර කියවිමට.. »

එජාප මහලේකම් ධූරයේ තුන්කොන් සටන..

tissa vajira and sagalaමෙවර මහමැතිවරණයෙන් එජාප ප්‍රභලයින් රැසක් පරාජයට පත් වි ඇත. ඒ අතර ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග කළ වජිර අබේවර්ධන ප්‍රධාන තැනක් ගනී. වජිර අබේවර්ධන පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම සමාජිකයෙක් වීම එයට හේතුවයි. මාතර දිස්ත්‍රික්කයෙන් තරග කළ සාගල රත්නායකද මෙවර පරාජයට පත් විය. වැඩිපුර කියවිමට.. »

මාතර ගම් දෙකක ගැටුමකින් 6ක් රෝහලේ..

මාතර – තිහගොඩ, වටගෙදර සහ නාඳුගල යන ගම්මානවල වැසියන් දෙපිරිසක් අතර ඊයේ රාතී‍්‍ර ගැටුමක් ඇති විය.නාඳුගල තොරණ මංසන්ධියේදි එම ගැටුම ඇති විය. කාලාන්තරයක් පැවැති ආරවුලක් මෙම ගැටුමට හේතු වී ඇති බව ‍වාර්තා වේ.ගැටුමෙන් තුවාල ලැබූවන් හය දෙනෙකු මාතර මහ රෝහලට ඇතුළත් කර ඇත. ඔවුන්ගෙන් දෙදෙනෙකු මූලික ප‍්‍රතිකාරවලින් පසු පිටව ගිය බව එම රෝහලේ ප‍්‍රකාශකයෙක් පැවසීය. අනෙක් හතර දෙනා නේවාසිකව ප‍්‍රතිකාර ලබයි. මෙම සිද්ධිය පිළිබදව පරීක්ෂන පවත්වන්නේ තිහගොඩ පොලීසියයි. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නැත. ප‍්‍රධාන සැකකරු ප‍්‍රදේශයෙන් පළා ගොස් ඇති බව වාර්තා වේ.


 Page 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්477 of 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්483  « First  ... « 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්475  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්476  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්477  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්478  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්479 » ...  Last » 

 

මැයි 2019
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට