සත්‍යයේ පුවත් අඩහැරය….

කොවිඩ්-19 වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1469ක් දක්වා ඉහළට ..

Podu Jana Peramunaමෙරටින් වාර්තා වන කොවිඩ්-19 වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1469ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.ඒ ඊයේ (27) දිනයේ හඳුනා ගැණුනු නව ආසාදිතයින් 150 දෙනා සමඟයි. මෙය එක් දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින්ගේ සංඛ්‍යාව බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඊයේ දිනයේ හදුනාගැණුනු ආසාදිතයින්ගෙන් 97 දෙනෙකු විදෙස් රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර ඉන් 05 දෙනෙකු චෙන්නායි සිට මෙරටට පැමිණි කටුකැලියාව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වන පිරිසක් බව සඳහන් වේ. කෙසේවෙතත් චෙන්නායිහි සිට මෙරටට පැමිණි පුද්ගලයින් පිරිසකට කොවිඩ් නයින්ටීන් රෝගය වැළඳී ඇති බවට හදුනා ගැණුනු පළමු අවස්ථාව මෙය බව වාර්තා වේ. මීට අමතරව ඊයේ දිනයේ හඳුනාගැණුනු සෙසු ආසාදිතයින් නාවික හමුදා සාමාජිකයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම සංඛ්‍යාව 53 ක්වෙ වේ. මේ අතර මේ වන විට ආසාදිතයින් 727 දෙනෙකු පූර්ණ වෛද්‍ය අධික්ෂණය යටතේ රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර ආසාදිතයින් 732 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර මෙරට සිදුව ඇති කොවිඩි නයින්ටීන් මරණ සංඛ්‍යාව 10 බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට