සත්‍යයේ පුවත් අඩහැරය….

හමුදාව යොදාගෙන රට පාලනය කිරීමේ ආණ්ඩුවේ සෙල්ලම දැන් අඩපණ වෙලා – හිටපු එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි සුජීව සේනසිංහ

Podu Jana Peramunaනාවික හමුදා සාමාජිකයින්ට කොරෝනා වැළඳීමත් සමඟ හමුදාව යොදාගෙන රට පාලනය කිරීමේ ආණ්ඩුවේ සෙල්ලම අඩපණ වූ බවත් රට තුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ කුසගින්නේ පසුවන ජනතාව මේ වනවිට ජීවත්වීමේ බියකින් ද පෙළෙන බවත් හිටපු එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි සුජීව සේනසිංහ මහතා අවධාරණය කර සිටියි. ඊයේ (09) සමඟි ජන බලවේගය කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී සුජීව සේනසිංහ මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

මෙහිදී ඒ මහතා පහත පරිදි තවදුරටත් සිය අදහස් දක්වන ලදී.

ජනතාව නිවෙස් තුළ තබාගනිමින් තමන්ට නතු මාධ්‍යය ද යොදාගෙන ත්‍රිවිධ හමුදාව මඟින් භීතියක් ඇතිකර රට පාලනය කිරීමට ආණ්ඩුව උත්සාහ කළා. නමුත් ඒ සෙල්ලම මේ වනවිට අවසන් වෙලා. භාණ්ඩ මිල ගණන් දැවැන්ත ඉහළ ගිහින් මේ වනවිට. ඉහළ විදුලි බිලක් ද ජනතාවට මේ වනවිට ලැබී තිබෙනවා. නමුත් පසුගිය මාස දෙකෙහි විදුලි සහ ජල බිල්පත් ජනතාවගෙන් අයනොකරන බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා සිටියා. ඒවා පට්ටපල් බොරු ප්‍රකාශ. බොරු අඩුවෙන්ම පවසන්නේ ජනාධිපතිවරයා. වැඩියෙන්ම බොරු පවසන්නේ මහින්ද රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන, උදය ගම්මන්පිල සහ මහින්දානන්ද අලුත්ගමගේ යන පිරිසයි. වත්මන් ආණ්ඩුව බලයට පත්වී කෙටිකාලයකින්ම අපකීර්තියට ලක්වෙලා. ආණ්ඩුවේ ණය සහ බදු කළමණාකරණය 0% යි. නමුත් හමුදාව විකිණීම නම් 100% යි. සමඟි ජන බලවේගය දක්ෂ, පිරිසිදු, විනයගරුක, තරුණ පිරිසක් මැතිවරණයට ඉදිරිපත් කරලා තිබෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්කරන සටනේදී අප සමඟ කටයුතු කළ රංගේ බණ්ඩාර මහතාට මේ වනවිට කුමක් සිදුව ඇත්දැයි අපි දන්නේ නෑ. නමුත් ඔහුගේ බෑනා කටයුතු කරන්නෙත් අප සමඟයි. ජාතික සේවක සංගමය ශක්තිමත් කිරීමට අපි කටයුතු කරනවා. රටත් රටෙහි පරිපාලනයත් මිලිටරිකරණයට ලක්වෙමින් තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ් මහතා සිය මුල් මාස කිහිපය තුළ මේ ආකාරයට කටයුතු කළේ නෑ. ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවන ලද්දේ මත්කුඩු සහ පාතාලය මර්දනය කිරීම සඳහා යැයි සුසිල් ප්‍රේමජයන්ත් මහතා මාධ්‍ය තුළ පැවසුවත් අදාළ ගැසට් පත්‍රය තුළ සඳහන් කරුණු අනුව එය පිහිටුවා ඇත්තේ සාමාන්‍ය ජනතාව මර්දනය කිරීමටදැයි යන සැකය මතුවනවා. වත්මන් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා යුද සමයේදී කටයුතු කළ ආකාරය පිළිබඳ ගැටළුවක් නෑ. ඔහු තුළ යම් දේශපාලන මතයක් පවතින බැවින් රාජ්‍ය නිලධාරියෙකු ලෙස ඔහු කෙලෙස කටයුතු කරනු ඇද්දැයි අවධානයෙන් සිටිනවා. යම් යම් අඩුපාඩු පැවතිය ද පසුගිය ආණ්ඩුව රට වෙනුවෙන් දැවැන්ත කාර්යයන් රැසක් සිදුකළා. අද වනවිට රට තුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ එම සියල්ල ඇදවැටෙවී. කුඩා රටක් ලෙස ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමට හැකි, සුදුසුම කණ්ඩායම සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමඟි ජනබලවේගයේ දක්ෂ, විනයගරුක පිරිසයි. බුද්ධි අංශ සහ හමුදාව පවා මැතිවරණය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන බැවින් මැතිවරණය කොල්ලකනු ඇද්දැයි යන සැකය මතුවෙනවා.

මෙම මාධ්‍ය හමුව සඳහා එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට