සත්‍යයේ පුවත් අඩහැරය….

වරාය නගර ගිවිසුම යළිත් වෙනස් කරනවා – මහින්ද රාජපක්‍ෂ..

Podu Jana Peramunaපසුගිය යහපාලන රජය යටතේ කොළඹ වරාය නගර ගිවිසුම වෙනස් කිරිම හේතුවෙන් වරාය නගරයෙන් මෙරටට අයිති විය යුතුව තිබූ ඉඩම් විශාල ප‍්‍රමාණයක් අහිමි වූ බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අග‍්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (04) පස්වරුවේ වීරකැටියේ පැවති අඟුණකොළපැලැස්ස ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ක‍්‍රියාකාරී හමුව අමතමින්ය. වරාය නගර ගිවිසුමේ යළි වෙනස්කම් කිරීම තුළින් එය නැවත යථා තත්ත්වයට පත්කිරීමට පියවර ගන්නා බව අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කරන ලදි. ගිවිසුම් වෙනස් කිරීම හේතුවෙන් වරාය නගරයෙන් අහිමි වූ ඉඩම් ප‍්‍රමාණය නැවත ලබා ගැනීමට ද දැනටමත් තම රජය කටයුතු කරමින් සිටින බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී අවධාරණය කරන ලදී. තම රජය යටතේ ක‍්‍රියාත්මක කළ සංවර්ධන ක‍්‍රියාදාමය පසුගිය වසර පහ තුළ සම්පූර්ණයෙන්ම අඩාල වූ අතර කොළඹ වරාය නගරය ඉදිකිරීම ද වසර දෙකක් ඇණහිටි බවයි අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට