සත්‍යයේ පුවත් අඩහැරය….

තමිල්නාඩුවට පනින්න හැදූ CCD කොස්තාපල් පිළිබඳව විශේෂ විමර්ශනයක් ඇරඹේ ..

Podu Jana Peramunaහෙරොයින් කිලෝ 23 ක් සපුගස්කන්ද ප‍්‍රදේශයට ගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිිටි තමිල්නාඩුවේදී ඉන්දීය පොලිස් අත්අඩංගුවට පත් වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ සැකකාර පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. ඒ, සැකකාර පොලිස් කොස්තාපල්වරයා මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් සමග සබඳතා පවත්වා ඇත්ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීම සඳහායි. සැකකාර පොලිස් කොස්තාපල්වරයා තමිල්නාඩු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට ඇතුළුවීමට උත්සාහ කළ අවස්ථාවේදී වේ. මෙරට පොලිසියට අවශ්‍යව සිටි මෙම සැකකරු ඉන්දියාවට පළා ගියේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරාම්කරුවෙකුගේ හෝ සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සහයෙන් ද යන්න පිළිබඳ සැක මතුව ඇත. මෙරට සිදුවූ විවිධ අපරාධවලට සම්බන්ධ, පොලිසිය අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන අපරාධකරුවන් කිහිපදෙනෙකුම මීට පෙර ඉන්දියාවට පලාගොස් ඇති බවට වාර්තා වේ. සැකකාර පොලිස් නිලධාරියාට එවැනි පුද්ගලයෙකුගේ සහය හිමි වනුයේ ද යන්න පිළිබඳවයි සැක මතුව ඇත. මේ අතර, සැකකාර පොලිස් කොස්තාපල්වරයා මීට දින කිහිපයකට පෙර ඔහුගේ මව්පියන් වෙත ඇමතුමක් ලබා දී තමන් දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගැනීමට උත්සාහ නොකරන ලෙසත්, සිය ජංගම දුරකථනය කි‍්‍රයා විරහිත කර තබන බවත්, ප‍්‍රකාශ කර ඇති බව ද පොලිසිය අනාවරණ කරගෙන ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට