සත්‍යයේ පුවත් අඩහැරය….

කොටුව පොලිසීය වැසේ ..

Podu කොළඹ, කොටුව පොලිස් පරිශ්‍රයේ පිහිටා ඇති බස්නාහිර පළාත් විශේෂ විමර්ෂණ අංශයේ පොලිස් පරීක්ෂකවරයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවනේ එම පොලිසියේ සාමාන්‍ය රාජකාරි මේ වන විට සිදු නොකෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.ඒ වෙනුවට කොම්පඤ්ඤවිදිය සහ පිටකොටුව පොලිස් ස්ථානයෙන්, කොටුව පොලිස් ස්ථානයෙන් සිදුකිරිමට අවශ්‍ය රාජකාරී මහජනතාවට සිදුකර ගැනීමට හැකියාව ඇති බවයි ඔහු සඳහන් කරන ලදී. කොරෝනා ආසාදිත පොලිස් නිලධාරියා වාර්තා වීමෙන් පසු විශේෂ විමර්ෂණ ඒකකයේ නිලධාරින් සියලු දෙනාම මේ වන විට නිරෝධායනයට යොමු කොට ඇති බවත්, කොටුව පොලිස් ස්ථානයේ නිලධාරින් 48ක් එම පොලිස් ස්ථානය තුලදීම නිරෝධායනයට ලක් කොට ඇත.එමෙන්ම කොටුව පොලිස් ස්ථානයට අනියුක්තව සිටි සෙසු නිලධාරින් පොලිස් බැරැක්ක තුලදීම ස්වයං නිරෝධායනයට ලක් කොට ඇති බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට