පොලිස් නිලධාරීන් 130 ට කොරෝනා ..
බොරැල්ල පොලිස් ස්ථානයේ තවත් පොලිස් නිලධාරින් 08 දෙනෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත. පෙරේදා දිනයේ සිදුකළ පි.සි.ආර් පරීක්ෂණ 10 න් 8 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව සඳහන් වේ. ඒ අනුව බොරැල්ල පොලිස් ස්ථානයෙන් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 14 දෙනෙකු හඳුනාගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි. මේ වන විට පොලිස් නිලධාරින් 130කට වැඩි සංඛ්‍යාවක් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.