කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපති ගාලු මුවදොර පිටියේදී හදිසියේ මියගොස්..
කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා කොළඹ ගාලු මුවදොර පිටියේදී අද (26) උදෑසන හදිසියේ මියගොස් ඇති බව වාර්තා වේ. කොළඹ ගාලු මුවදොර පිටියේ ව්‍යායාමවල නිරතව සිටියදී හදිසි අසනීප තත්ත්වයක් මත මියගොස් තිබෙන 42 හැවිරිදි පස්සර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම පොලිස් නිලධාරියාගේ මෘත ශරීරය ජාතික රෝහලේ තැන්පත් කර ඇත.