සත්‍යයේ පුවත් අඩහැරය….

“බුරවි” නිසා වැසි සහ සුළං තත්ත්වයේ ඉහළ යාමක්..

Podu අද (02) දිනය තුළ දිවයින පුරා වැසි සහ සුළං තත්ත්වයේ සැලකිය යුතු ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි.“බුරවී“ සුළි කුණාටුව රට හරහා ගමන් කිරීමට වැඩි අවස්ථාවක් පවතින බැවින් මෙලෙස කාලගුණ තත්ත්වයේ වෙනස්වීමක් ඇතිවිය හැකි බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිව පැවති “බුරවී“සුළි කුණාටුව ඊයේ (01) රාත්‍රිය වනවිට ත්‍රිකුණාමලයට කිලෝ මීටර් 330 ක් නැගෙනහිරට දෙසට බරව ගිනිකොණ දෙසින් ස්ථානගතව ඇති බවත් සුළි කුණාටුව සමග සුළඟේ වේගය ඉහළ යා හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් පවසයි. එමෙන්ම එම කාලය තුළ නැගෙනහිර, උතුරු, උතුරු මැද, වයඹ, මධ්‍යම සහ සබරගමුව පළාත්වල වැසි ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් පවතින බවද එම ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කර සිටියි. දිවයිනේ සෙසු ප්‍රදේශවලද තරමක වැසි ඇතිවීමේ හැකියාවක් ඇති බවද පැවසේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට