සත්‍යයේ පුවත් අඩහැරය….

ජනතා ගැටළු සඳහා ආණ්ඩුව ලබාදෙන්නේ විසඳුම් නොව වෙඩි උණ්ඩයි..

Podu අවශ්‍ය තරමටත් වැඩි, තමන් ෆේ්ල් බව පෙන්විය හැකි මාතෘකා රැසක් ආණ්ඩුව විසින්ම අප වෙත ලබාදී ඇති බවත් මහර බන්ධනාගාරයේ සිදුවීම ද ඉන් එක් මාතෘකාවක් බවත් සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. ඊයේ (01) කොළඹ, විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මෙම අදහස් පළකල සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි මහතා පහත පරිදි වැඩිදුරටත් සිය අදහස් දක්වන ලදී.

පවතින තත්ත්වය අනුව ජනතාවට සුභදායක තත්ත්වයක් රට තුළ උද්ගතව නෑ. මහර බන්ධනාගාරය තුළ සිදුවූ ගැටුම්කාරී තත්ත්වයෙන් රටට පාඩම් කිහිපයක්ම උගත හැකියි. මෙම සිදුවීම මෙරට සමස්ත ජනතාවටම බලපානවා. අධිකරණය මඟින් දඬුවම් ලබාදුන් වැරදිකරුවන් මෙන්ම වැරදිකරුවන් නොවන තවමත් සැකකරුවන් පමණක් වන පිරිස්ද බන්ධනාගාර තුළ සිටිනවා. රටේම කොටසක් වන ඔවුන් යම් සීමාවක සිටින බැවින් තමන්ට අවශ්‍ය ලෙස ගැටළු විසඳාගැනීමට නොහැකි බව අවධාරණයට ගතයුත්තක්.

ආණ්ඩුවේ නොසැලකිල්ල නිසා දූපතක් වූ ශ්‍රී ලංකාවට කොරෝනා වසංගතය පැමිණියා. එහි පළමු රැල්ල, පොලිසිය ඇතුළු ආරක්ෂක සහ සෞඛ්‍ය අංශ විසින් පාලනය කළා. වසංගතයේ දෙවන රැල්ල ආණ්ඩුව විසින්ම රට තුළට ගෙන ආවා. වසංගතය බන්ධනාගාර තුළට ඇතුළුවීමත් ආණ්ඩුවේ අසමත්භාවය නිසා සිදුවූවක්. එවැන්නක් සිදුනොවීමට ආණ්ඩුව වග බලාගත යුතු නමුත් බන්ධනාගාර තුළ වසංගතය ව්‍යාප්ත වූයේ, වසංගතය පැතිරීම වැළැක්වීමට නිසි සැලසුමක් නොතිබීම හෝ රැඳවියන් මරා දැමීමේ අවශ්‍යතාවයක් පැවතීම යන සැලසුම් දෙකින් එකක් ක්‍රියාත්මක වීම නිසයි.

බන්ධනාගාර තුළ පවතින සිරකුටි, සනීපාරක්ෂා්ව ඇතුළු පහසුකම් ප්‍රමාණයට සාපේක්ෂව රැඳවියන් ප්‍රමාණය ඉතා ඉහළ බව සියළුදෙනාම දන්නවා. දුරස්ථභාවය පිළිබඳ උපදෙස් ලබාදෙන ආණ්ඩුව එම පහසුකම් ඉහළදැමීමට කටයුතු කරලා නෑ. පවතින වසංගත තත්ත්වය හමුවේ සිය ජිවිත බේරාගැනීම සඳහා රැඳවියන් මෙවැනි විප්ලවයක් සිදුකළා. බන්ධනාගාර තුළ මිනිසුන් මරා දැමීමට ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. ඉන් පිටතදී ජාවාරම්කරුවන් විසින් පොලිසිය තමන් යටතට පත්කර ගෙන තිබෙනවා.

භාවිතා කරන පුද්ගලයාට රුධිරය දැකීමේ අවශ්‍යතාවයක් ඇතිවන බව සඳහන් කරමින් රිවර්ස් නම් පෙත්ත පිළිබඳ පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ ජාත්‍යන්තර පෙති පිළිබඳ දැනුමැති ඒ සම්බන්ධයෙන් විශාරදයෙකු ලෙස හැඳින්විය හැකි ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු, මහර බන්ධනාගාරය තුළ සිදුවූ සිදුවීම එලෙස රැඳවියන්ට රිවර්ස් පෙති ලබාදී රටත් ආණ්ඩුවත් ජාත්‍යන්තර ලෙස දණගැස්සවීම සඳහා දරණ ලද උත්සාහයක් යැයි පවසුවා. මෙය විහිළු සහගත ප්‍රකාශයක් ලෙස හැඳින්විය හැකියි.

මෙම ප්‍රකාශයට අනුව ආණ්ඩුවේ අමාත්‍යවරුන් මෙන්ම ඔවුන් වටා සිටින ජාවාරම්කරුවන්ද ඇතැම් අවස්ථාවල පෙති ගසා සිටින්නේදැයි යන සැකය මතුවනවා. ඒ අනුව රිවර්ස් නම් පෙත්ත මෙරට තුළ අලෙවි වන බව දන්නේ එම අමාත්‍යවරයා පමණක් වන බැවින් ලේ දැකීමේ අවශ්‍යතාවයක් ඇතිවන බව පැවසෙන මෙම පෙත්ත නිෂ්පාදනය කරන්නේ කොහේද, එය මෙරටට ගෙන ආවේ කෙසේද සහ කවුද ඇතුළු රිවර්ස් පෙත්ත සම්බන්ධ සියළු තොරතුරු රටට අනාවරණය කිරීමට ආණ්ඩුව කටයුතු කළයුතුයි. එමෙන්ම මෙම රිවර්ස් පෙත්ත පිළිබඳ තොරතුරු එම අමාත්‍යවරයා දන්නේ කෙසේද, එම පෙත්ත බන්ධනාගාරය තුළට යවන ලද්දේ ආණ්ඩුවද නැතහොත් වෙනත් කවුරුන්ද ආදී කරුණුද ජනතාව විසින් දැනගත යුතුව තිබෙනවා.

මහර බන්ධාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් ලබාදීම සඳහා කමිටුවක් පත්කළද එම වාර්තාව ලැබීමටත් පෙර, සැලසුම් සහගතව රැඳවියන්ට රිවර්ස් පෙත්ත ලබාදීම හේතුවෙන් ඇතිවූ සිදුවීමක් යැයි ඉහත අමාත්‍යවරයාම පවසන නිසා මෙම සිදුවීම පිළිබඳ විමර්ශනය කිරීම සඳහා කමිටුවක් අනවශ්‍යයි. ආණ්ඩුව විහිළු සහගත ආණ්ඩුවක් බව ජනතාවට මනාව වැටහේවි මේ අනුව.

මීට පෙර වැලිකඩ බන්ධනාගාරය තුළද මෙවැනිම සිදුවීමක් සිදුවුනා. මෙම සිදුවීමෙන් පසුදාම බන්ධනාගාර අමාත්‍යධූරය වෙනත් අයෙකුට ලබාදී එම ධූරයෙන් ඉවත් කළ බන්ධනාගාර අමාත්‍යවරිය හට කෝවිඩ් මර්දනය කිරීමේ අමාත්‍යධූරය ලබාදී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්ට පහරදීම සඳහා ආණ්ඩුව සතු සැලැස්ම මනාව පෙනීයනවා. සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියට පළමු ගිනි ගෙඩිය ලෙස බන්ධනාගාර අමාත්‍යධූරයත් දෙවන ගිනි ගෙඩිය ලෙස කොරෝනා මර්දන අමාත්‍යධූරයත් ලබාදී තිබෙනවා.

මේ වනවිට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට සිදුව ඇත්තේ කුමක්දැයි විමසිය යුතුයි. ගාස්තු ඉහළ දැමුවද බස් රථ තුළ දුරස්ථභාවය ක්‍රියාත්මක නොවීම නිසා මගීන් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා. වසංගතය හමුවේ පීඩාවට පත්වූ ජනතාවට රුපියල් 10000/- ක බඩු මල්ලක් ලබාදෙන බව පැවසුවද එමඟින්ද ජනතාව රැවටීමට කටයුතු කර ඇති ආණ්ඩුව සතුව ජනතාවට සහන ලබාදීම සඳහා නිසි ක්‍රමවේදයක් නෑ.

ආණ්ඩුවේ වියත් මඟ, මේ වනවිට විපත් මඟක් බවට පත්ව තිබෙනවා. සෞභාග්‍යයේ නොව අභාග්‍යයේ ආණ්ඩුවක් බවට වත්මන් ආණ්ඩුව පත්ව තිබෙනවා. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් සමඟ ඇතිවූ ඒකාධිපතිභාවය හමුවේ ජනතාවගේ මානව හිමිකම් කඩවෙමින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වෙමින් පවතිනවා. ආණ්ඩුවට රටේ ගැටළු විසඳීමට නොහැකිව තිබෙනවා. එමඟින් පීඩාවට පත්වන ජනතාව, අවසානයේදී එම පීඩාව දරාගැනීමට නොහැකිව වීදි බැස විරෝධය පළකරන විට ජනතාවට විසඳුම් නොව වෙඩි උණ්ඩ පමණයි ලැබෙන්නේ. ජනතාව යම් සාධාරණ ඉල්ලීමක් කළවිට ඔවුන් ඝාතනය කළ ආකාරය අපගේ මතකයේ පවතිනවා.

ඒකාධිපතිභාවය විධායකය තුළ පමණක් නොව ව්‍යවස්ථාදායකය තුළද පවතිනවා. විපක්‍ෂය නොසිටියේ නම් රට තව තවත් ආගාධයකට ගමන් කරනු ඇති බව අවධාරණය කරනවා. පාර්ලිමේන්තුව තුළ ඇතිව තිබෙන ඒකාධිපතිවාදයෙන් විපක්ෂයේ හඬ නැවැත්වීමට උත්සාහ කරනවා. මේ පිළිබඳ දැඩි අවධානයකින් පසුවන්නැයි ජනතාවට අවධාරණය කරනවා. වැලි, බොරළු, මැටි සහ පරිසර ආදී වශයෙන් මාෆියා රැසක් මේ වනවිට රට තුළ ක්‍රියාත්මකයි. නව මාෆියාවක් ලෙස පෙන්වාදිය හැකි පොල් මාෆියාවක්ද රට තුළ ක්‍රියාත්මකයි.

විපක්ෂය මර්දනය කිරීම සඳහා ඝාතනය කිරීම් ඇතුළු නොයෙකුත් දේ සිදුකිරීමට ආණ්ඩුව කටයුතු කරාවි. නමුත් ජනතාව සමඟ කටයුතු කරන අප කිසිසේත්ම ආපස්සට නොයා සජිත් ප්‍රේමදාස මහතා සමඟ ඉදිරියට ගමන් කරනවා. සර්ගේ සිට ආණ්ඩුවේ සියළුදෙනාම ෆේල්. රට නිසි ලෙස පාලනය කිරීමට නොහැකි නම් ආණ්ඩුවට අවශ්‍ය සහාය ලබාදීමට අප සූදානම්. එලෙස සහාය ලබා නොගන්නේ නම් අවශ්‍ය පියවර ගන්නා බවත් අපි ආණ්ඩුවට අවධාරණය කරනවා.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට