සත්‍යයේ පුවත් අඩහැරය….

මහර බන්ධනාගාරයේ ගැටුම එම රැඳවියන්ට සිදුකළ දැඩි අසාධාරණයක් – එක්සත් ජාතික පක්‍ෂය

Podu 2021 වසර සඳහා ඉදිරිපත් කළ අයවැයෙන් කොරෝනා වසංගතය තුරන් කිරීම සඳහා කිසිදු මුදලක් වෙන්නොකර ඒ සඳහා නව අමාත්‍යවරියක් පමණක් පත්කිරීමට කටයුතු කරන්නේ ඇයිදැයි යන සැකය මතුවන බව එක්සත් ජාතික පක්‍ෂය අවධාරණය කර සිටියි. ඊයේ (01) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්‍ෂ මහරගම ආසන සංවිධායක නීතිඥ සුදත් ජයසුන්දර මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

එහිදී ඒ මහතා පහත පරිදි වැඩිදුරටත් අදහස් පළකර සිටියේය. කොරෝනා වෛරසය සඳහා හඳුන්වා දුන් ඖෂධ විදේශීය රටවලින් ඇණවුම් කිරීමේදී 20% ක පමණ ප්‍රමාණයක් මෙරටට ලැබෙන අතර එම ප්‍රමාණය මෙරටට ප්‍රමාණවත්දැයි විමසන අතර එම ප්‍රමාණය බෙදාදෙන්නේ කවුරුන් හටද යන ගැටළුවද මතුවනවා. එම ඖෂධ දේශපාලඥයින් අතරේ බෙදී යන්නේ නම් අනෙකුත් අසරණ රෝගීන්ට සිදුවන්නේ කුමක්දැයි විමසා සිටිනවා. වෙනත් බන්ධනාගාර වලින් මහර බන්ධනාගාරය වෙත රැඳවියන් ගෙනඒමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මහර බන්ධනාගාරය තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගත වුනා.

මේ වනවිට එම බන්ධනාගාරයේ 3100 කට ආසන්න රැඳවියන් ප්‍රමාණයක් සිටිනවා. නමුත් එහි සිටිය යුත්තේ රැඳවියන් 800 ක් පමණයි. ඊට අමතරව තවත් රැඳවියන් එම බන්ධනාගාරය වෙත ‍ගෙන්වීම නිසා කොරෝනා ව්‍යාප්තිය ද වැඩිවීමේ අවධානමක් පවතිනවා. රැඳවියන් ඊට විරුද්ධ වීම නිසයි මෙම ගැටුම ඇතිවුනේ.

මෙරට සිර මැදිරි තුළ විනය කඩකිරීම් සිදුවන්නේදැයි සොයා බැලීම සඳහා විශේෂ කාර්යය බලකායක් පත්කිරීමට වත්මන් ජනාධිපතිවරයා විසින් කටයුතු කළා. මෙම සිදුවීම වන අවස්ථාවේදී එම විශේෂ කාර්යය බලකාය කළේ කුමක්දැයි රජයෙන් විමසා සිටිනවා. එම විශේෂ කාර්යය බලකායට බන්ධනාගාර රැඳවියන් පාලනය කිරීම සම්බන්ධයෙන් නිසි පළපුරුද්දක් නෑ. කොරෝනාවෙන් ආරක්ෂා වීම උදෙසා මහර බන්ධනාගාරයේ රැඳවියන් විසින් සිදුකළ විරෝධතාවයේදී එම පිරිසට සාධාරණයක් ඉටුවී නෑ. මෙය කුමන්ත්‍රණකාරි තත්ත්වයක්. එම සිදුවීමෙන් මහර බන්ධනාගාරයේ ලේඛණාගාරයට පමණක් ගිනි ගැනීම සම්බන්ධයෙන් සැකයක් මතුවනවා. ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

මෙරට සියලු බන්ධනාගාර සම්බන්ධයෙන් පනතක් සකස් කර ඇති අතර එහිදී රැඳවියන්ගේ සියලුම ක්‍රියාකාරකම් සහ විනය කඩකිරීම් සම්බන්ධයෙන් සොයාබලා විනය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාවක් පවතිනවා. එසේ පනතක් පිහිටුවා තිබියදී එම පනත කඩකරමින් විශේෂ කාර්යය බලකාය යොදවා රැඳවියන්ට පහරදීම කෙතරම් සාධාරණදැයි විමසා සිටිනවා. රැඳවියන්ගේ ජීවිත වල වගකීම භාරගන්නේ කවුද යන ගැටළුවත් මතුවෙනවා. මහර බන්ධනාගාරයේ සිදුවීමේදී කිසියම් වූ පුද්ගලයකු සිය බලය අතට ගෙන ක්‍රියාකිරීමට කටයුතු කර ඇති බවක් පෙනීයනවා. යම්කිසි ආයතනයක ගින්නත් ඇති වූ විට රජයේ රස පරීක්ෂකවරු පැමිණ එම ගින්න ඇතිවීමට හේතුව සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරනවා.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට