අදත් ප්‍රදේශ කිහිපයකට වැසි..
අද (17) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක් තුළ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව උතුර, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වල මෙන්ම මාතලේ හා හම්බන්තොට දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි අතර සෙසු පළාත්වල ස්ථාන රැසක සවස 2.00 න් පමණ පසු වැසි ඇතිවීමේ ඉඩකඩ ඇතැයි ද එම ආරංචි මාර්ග පවසා සිටියි. උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල පවතින වැසි තත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපය කුළ බලාපොරොත්තු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිිටියි.