සත්‍යයේ පුවත් අඩහැරය….

සියළු බලතල ලැබී ඇති නිසා ජනතාවට සහන ලබාදිය නොහැකිය යන තර්කය ඉදිරිපත් කිරීමට ආණ්ඩුවට කිසිදු හැකියාවක් නෑ – සමගි ජන බලවේගය

Podu බහුතර බලයක් නොමැතිව සහ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත නොකර රට පාලනය කිරීම අපහසු යැයි පැවසූ නමුත් එම සියළු බලතල මේ වනවිට ලැබී ඇති බැවින් බලයක් නොමැති නිසා ජනතාවට සහන ලබාදිය නොහැකිය යන තර්කය ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට නොහැකි බව සමගි ජනබලවේගය අවධාරණය කර සිටියි. ඊයේ (17) කොළඹ, විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රි නිරෝෂන් පාදුක්ක මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

මෙහිදී ඒ මහතා පහත පරිදි මාධ්‍ය වෙත තවදුරටත් සිය අදහස් පළකර සිටියේය.

එම්.සී.සී. ගිවිසුම තුළින් ශ්‍රී ලංකාවට ආධාර ලබාදීම අත්හිටුවීමට ඇමෙරිකාව තීරණය කර තිබෙනවා. යහපාලන ආණ්ඩුව සමයේදී, විපක්‍ධෂය ලෙස කටයුතු කළ වත්මන් ආණ්ඩුවේ පිරිස් මෙම ගිවිසුමට එරෙහිව දැඩි චෝදනා එල්ලකරමින් ජනතාව නොමඟ යැවුවා. යම් සංශෝධනයක් සිදුකර හෝ ලබාගැනීමට හැකිව තිබූ ප්‍රදානයක් මේ අනුව මෙරටට අහිමිව ගොස් තිබෙනවා.

මහර බන්ධනගාරයේ ඇතිවූ ගැටුමේදී රැඳවියන් සිව්දෙනෙකු වෙඩිවැදීම නිසා මියගොස් ඇතැයි මාධ්‍ය විසින් වාර්තා කර තිබෙනවා. නමුත් රැඳවියන් මියගියේ වෙඩිවැදීම නොව ගැටුම නිසා යැයි බන්ධනාගාර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසුවා. මෙම ගැටුම පිළිබඳ රටට සත්‍ය හෙළිකරන ලෙස අප ඉල්ලා සිටිනවා. පාර්ලිමේන්තුවත් රටත් නොමඟ යවමින් මෙවැනි ප්‍රකාශයක් සිදුකළ අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතුයි. වත්මන් ආණ්ඩුව, වැරදි වසන් කරගැනීමට බොරු පවසන ආණ්ඩුවක් බව මෙම සිදුවීම තුළින්ද පැහැදිලි වනවා.

සර් ෆේල් යැයි මතයක් රට තුළ ඇතිව තිබෙන අතර වසරක පාලන කාලය තුළ ආණ්ඩුව පාස්ද, ෆේල්ද යන්න විමසා බැලිය යුතුයි. ඒ අනුව දැන් සිට හෝ රටේ ගැටළු විසඳන්නැයි මෙන්ම සිය ගජ මිතුරන්ට රටේ සම්පත් කොල්ලකෑම සඳහා අවස්ථාව ලබාදීමට ලද බලය භාවිතා නොකරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

රටේ සම්පත් ආරක්ෂා කරන බව පවසමින් බලයට පැමිණ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඇතුළු තවත් දේ විදෙස් රටවලට විකිණීම සාධාරණදැයි ආණ්ඩුවෙන් විමසනවා. සහල් සහ සීනි වැනි මාෆියා තත්ත්වයන් ඇතිකර අත්‍යාවශ්‍ය භාණ්ඩ මත පනවා තිබෙන බදු පහළ නොදමා ජනතාව ගසාකෑමට අවස්ථාව ලබාදී සිය ගජ මිතුරන්ට සහ නෑදෑයින්ට විශාල ධනයක් උපයාගැනීමට ආණ්ඩුව අවස්ථාව ලබාදී තිබෙනවා. ආණ්ඩුව මෙරට ආර්ථික සංඛ්‍යා ලේඛණ සැඟවීමට කටයුතු කළා. මේ වසරේ දෙවන කාර්තුවේ ආර්ථික වර්ධන වේගය සෘණ 16.3% ක් බවට පත්ව තිබෙනවා. එය මෙරට ඉතිහාසයේ පළමු වරට ඇතිවූ තත්ත්වයක්.

කොරෝනා වසංගතය පැමිණීමට පෙර සිටම මෙරට ආර්ථිකය පසුබෑමකට ලක්ව තිබුනා. කොරෝනා වසංගතය පැමිණීමත් සමඟ එය තවදුරටත් පසුබැසීමට ලක්වුනා. මේ වනවිට මෙරට සියළු ක්‍ෂේත්‍ර තුළ දැඩි පසුබෑමක් ඇතිව තිබෙනවා. එම තත්ත්වයන්ට පිළියම් යෙදීමට මෙවර අයවැය තුළින් ආණ්ඩුව කටයුතු කරලා නෑ. ලොව ප්‍රමුඛ ආයතන කිහිපයක් විසින් ණය ගෙවීමේ හැකියාව පිළිබඳ සිදුකරන ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පහළ දැමීමට කටයුතු කළද සත්‍ය තත්ත්වය පිළිගෙන විසඳුම් ලබාදීමට ආණ්ඩුව කටයුතු නොකළ බැවින් ආර්ථිකය තුළ පවතින සත්‍ය ගැටළු පිළිනොගෙන අවශ්‍ය විසඳුම් ලබාදෙන්නේ කෙසේදැයි විමසීමට සිදුවනවා. කොරෝනා වසංගතය පාලනය කරගැනීමට නොහැකිව තිබෙන බව මෙන්ම මෙරට ආර්ථිකය තුළ ගැටළු රැසක් පවතින බව ආණ්ඩුව පිළිගත යුතු අතර එසේ පිළිගෙන විවිධ තර්ක ඉදිරිපත් නොකර අවශ්‍ය විසඳුම් ලබාදිය යුතුයි.

කොරෝනා වසංගතය පාලනය කරගැනීම සඳහා ලොව රටවල් සිය ජනතාවට එන්නත් ඇතුළු ඖෂධ ලබාදීමට කටයුතු කරමින් සිටින අතර වසංගතය පාලනය කිරීමේ වැඩපිළිවෙල මෙන්ම ඊට භාවිතා කරන්නේ පැණියද නැතහොත් එන්නතද යන්න රටට හෙළිකිරීමට ආණ්ඩුව කටයුතු කළයුතුයි. එන්නත් සහ පැණි සම්බන්ධයෙන් ආණ්ඩුව තුළම විවිධ මත පවතින අතර හෙළ වෙදකමට එරෙහිව අදහස් දක්වමින් සිටින්නේ යැයි ආණ්ඩුව විසින්ම විපක්ෂයට චෝදනා එල්ලකරනවා. කුමන වෛද්‍ය ක්‍රමයකින් හෝ ජනතාව ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් සකස්කළ යුතුය යන්න අපගේ මතයයි. ලබන වසරේ සිට නොව දැන් සිටම අදාළ සැලසුම් ක්‍රියාත්මක කළයුතුයි.

එන්නත් හෝ වෙනත් ඖෂධ මඟින් කොරෝනා වසංගතය පාලනය කර රට සංවර්ධනය කිරීමට ලොව අන් රටවල් උත්සාහ කරමින් සිටින තත්ත්වයකදී මෙරට ආණ්ඩුව වෙනත් කාර්යයන් සඳහා සිය අවධානය යොමුකරමින් සිටිනවා. මේ වනවිට මෙරට සංචාරක ව්‍යාපාරය මුළුමනින්ම පාහේ කඩාවැටී අවසන්. එය ගොඩනැංවීම සඳහා කොරෝනා වසංගතය වහාම පාලනය කර ලොව අන් රටවල් සමඟ සමගාමීව සංචාරක ව්‍යාපාරය සක්‍රීය කිරීමට වැඩපිළිවෙලක් දියත්කළ යුතුව තිබෙනවා.

මෙම මාධ්‍ය හමුව සඳහා සහභාගිවූ යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණේ ජාතික සංවිධායක නජාම් මොහොමඩ් මහතාද සිය අදහස් පළකර සිටියේය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට