ප්‍රදේශ කිහිපයකට අදත් වැසි..
අද (25) දිනයේදීත් දිවයිනේ ප්‍රදේශ රැසක් තුළ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව උතුර, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වල ස්ථාන කිහිපයකදී වැසි ඇතිවිය හැකි බව එම ආරංචි මාර්ග පවසයි. එමෙන්ම අද දහවල් 01.00 න් පමණ පසු සබරගමුව පළාත සහ කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකදී වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් පවතිනු ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වැඩදුරටත් සඳහන් කර සිටියි.