සත්‍යයේ පුවත් අඩහැරය….

රජයට කෝටි 4 ක් පාඩුවක් සිදුකිරීම, අමාත්‍ය ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙක් නඩු දෙකකින් නිදහස්..

Podu රජයට රුපියල් කෝටි 4 ක පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් පවරා තිබූ නඩු දෙකකින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (26) නියෝග කරන ලදී. ස.තො.ස ආයතනයේ සේවකයින් 153 දෙනෙකු රාජකාරිවලින් ඉවත්කර දේශපාලන කාර්යයන් සඳහා යොදවා රජයට රුපියල් කෝටි 4 ක අලාභයක් සිදුකළ බවට චෝදනා කරමින් යහපාලන ආණ්ඩු සමයේදී අදාළ නඩු පවරා තිබූනි. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ස.තො.ස ආයතනයේ හිටපු සභාපතිවරයෙකු වන එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකු වන මොහොමඩ් සාකීර් යන අය මෙසේ අදාළ නඩුවලින් නිදහස් කර ඇත.

අදාළ නඩුවලට එරෙහිව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත්කරන ලද ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කළ කොළඹ මහාධිකරණය විසින් ඉහත තීන්දුව ලබාදී ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට