සත්‍යයේ පුවත් අඩහැරය….

වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය හමුවේ රට ඒකාධිපති රාජ්‍යයක් කරා ගමන් කරමින් තිබෙනවා – සමගි තරුණ බලවේගය

Podu ආණ්ඩුවේ ක්‍රියාකලාපය හමුවේ මේ වනවිට පෙන්නුම් කරමින් පවතින්නේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ආදීනව බවත් රට ඒකාධිපති රාජ්‍යයක් කරා ගමන් කරමින් තිබෙන බව පෙනීයන බවත් සමගි තරුණ බලවේගය අවධාරණය කර සිටියි. ඊයේ (08) කොළඹ, විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සමගි තරුණ බලවේගයේ ප්‍රධාන ලේකම් නාමල් විජයමුණි සොයිසා මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

මෙහිදී ඒ මහතා පහත පරිදි සිය අදහස් පළකරන ලදී.

සෞඛ්‍ය සේවකයින් විසින් ඊයේ මරදානේදී පවත්වන ලද සාමකාමී පාගමනක් අතරතුර මලික අබේකෝන් නම් ස්වාධීන, නිදහස් මාධ්‍යවේදියාව මරදාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පහරදීමක් සිදුකර තිබෙන බව වාර්තා වනවා. ඔහු වෙනුවෙන් පෙනීසිටීම සඳහා පොලිසිය වෙත යාමට අදාළ නීතීඥ මහතාට පවා අවස්ථාව ලබාදී නෑ. වත්මන් ආණ්ඩුව ගමන් කරන්නේ කුමන තත්ත්වයක් කරා දැයි විමසීමට සිදුව තිබෙන මෙවැනි කටයුතු නිසා.

මේ වනවිට තොරතුරු දැනගැනීමේ අයිතිය යටපත් වෙමින් පවතිනවා. ආණ්ඩුව තරුණ අයිතීන් මර්දනය කිරීමට කටයුතු කරමින් සිටිනවා. සමගි තරුණ බලවේගය ලෙස අප මලික අබේකෝන් මාධ්‍යවේදියා වෙනුවෙන් පෙනී සිටිනවා. මේ පිළිබඳ පුද්ගලික අවධානයක් යොමුකරන ලෙස මෙම ස්ථානයට පැමිණ සිටින මාධ්‍යවේදීන්ගෙන් අප ඉල්ලා සිටිනවා.

2010 සහ 2015 සමය තුළ මෙරට මාධ්‍යවේදීන්ට එරෙහිව කටයුතු කළ ආකාරය අපගේ සිහියට නැගෙනවා. මරදාන පොලිසියේ ක්‍රියාවලිය නීති විරෝධයි. පොලිස් රාජ්‍යයක් කරා නොව මිලේච්ඡත්වය කරා රට ගමන් කරමින් තිබෙන බවක් තමයි අපට පෙනෙන්නේ. ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම හරහා පොලිසිය තුළ පැවති ගැටළුකාරී තත්ත්වයන්ට විසදුම් හිමිවුනා. නමුත් මේ වනවිට එවැනි තත්ත්වයන් රට තුළ දක්නට ලැබෙන්නේ නෑ.

තරුණ අයිතීන් රැක ගත හැකි එකම ස්ථානය ලෙස සමගි තරුණ බලවේගය හැඳින්විය හැකියි.

ජනතා ගැටළු විසඳීම සඳහා ගමින් ගමට යාම ප්‍රායෝගික නැහැ. ආහාර ද්‍රව්‍ය වල සෞඛ්‍යාරක්ෂිතභාවය පිළිබඳ පරීක්ෂා කළ හැකි ආයතන රැසක් රට තුළ පවතිනවා. ඉන් ඉතාම වැදගත් ආයතනයක් ලෙස සැලකිය හැකි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ජනාධිපතිවරයා යටතේ තමයි පවතින්නේ. විශාල චෝදනාවකට ලක්වූ නවුෂාඩ් පෙරේරා මහතා ප්‍රමිති ආයතනයේ සභාපතිවරයා ලෙස පත්වූ සැණින් විස සහිත පිළිකා කාරක අන්තර්ගත පොල් තෙල් මෙරටට ගෙන්වා ඇතැයි වාර්තා වුනා.

ප්‍රමිති ආයතනයේ අධ්‍යක්‍ෂ ජෙනාරාල්වරියගේ ප්‍රකාශයට අනුව ආණ්ඩුව පවතින්නේ ජනතාවට චුට්ටක් වස කැවීමටදැයි විමසීමට සිදුවන තිබෙනවා. ජනතාවට වස කවන ලද එකම ආණ්ඩුව ලෙස වත්මන් ආණ්ඩුව ඉතිහාස ගත වනවා.

පසුගිය සමය තුළ ජනතාවට රුපියල් 5000/- ක දීමනාවක් ලබාදීම සඳහා මුදල් ලබාගත්තේ සමෘද්ධි ලාභීන්ගේ අනිවාර්ය ඉතිරි කිරීමේ ගිණුම් වලින්. නැවත එම මුදල සමෘද්ධි ලාභීන්ට ලබාදීමට මෙතෙක් කටයුතු කර නෑ. මෙය විශාල වංචාවක්.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ සමගි තරුණ බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් ලේකම් ශශින් ප්‍රනාන්දු මහතා සහ සමගි තරුණ බලවේගයේ උප සභාපතිනි හිරන්‍යා හේරත් මහත්මිය විසින්ද සිය අදහස් දක්වා සිටින ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට