සත්‍යයේ පුවත් අඩහැරය….

රටේ ගැටළු සැඟවීම සඳහා වෙනත් කරුණු කරළියට ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා – සමගි ජන බලවේගය

Podu සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උදාවීමට ඉතා කෙටි කාලයක් පැවතියද මෙරට ජනතාවට විසඳාගැනීමට නොහැකි බරපතල ආර්ථික සහ වෙනත් ගැටළු රැසක් පවතින බවත් එම ගැටළු සැඟවීම සඳහා වෙනත් කරුණු කරළියට ගෙනඒමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. ඊයේ (07) කොළඹ, විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විසිනි.

එහිදී ඒ මහතා පහත පරිදි වැඩිදුරටත් සිය අදහස් මාධ්‍ය වෙත පවසා සිටින ලදී.

පාර්ලිමේන්තු වරප්‍රසාද අයථා ලෙස භාවිතා කරමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍ එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරුන්ට එරෙහිව පදනම් විරහිත චෝදනාවක් එල්ල කළා. සුමන්තිරන් මන්ත්‍රීවරයාට එල්ල කළ චෝදනාව පිළිබඳව ගැටළුවක් නෑ. ඒ මහතා නීතිඥයෙකු ලෙස වෘත්තීය කරුණු සම්බන්ධව යම් අදහස් දැක්වීමක් සිදුකර තිබුණත් සජිත් ප්‍රේමදාස මහතාට එල්ල කරන ලද චෝදනාව තුළින් ජනතාවගේ අවධානය වෙනත් දිශාවකට ගෙනයාමට මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් උත්සාහ කරන බවක් දක්නට ලැබුණා. රන්ජන් රාමනායක මහතා පිළිබඳව ආණ්ඩුව හිටිහැටියේම අදහස් දක්වනවා. රන්ජන් රාමනායක මහතා පිළිබඳව ආණ්ඩුවට දැඩි අනුකම්පාවක් මෙන්ම කණගාටුවක් ඇතිවී ඇත්තේ කුමක් නිසාදැයි යන්න ගැටළුවක්.

රන්ජන් රාමනායක මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව අධිකරණය විසින් ලබාදුන් තීන්දුව පසෙක තබා අවම සදාචාරයක් පවතින කථානායකවරයෙක් ලෙස වත්මන් කථානායකවරයා කටයුතු කළේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඉල්ලා සිටි නිවාඩුව අනුමත කිරීමට ඉඩ තිබුනා. නමුත් එය සිදු නොකර කථානායකවරයාගේ සිට ආණ්ඩුවේ සියළුම මන්ත්‍රීවරුන්ට අවශ්‍යවී තිබුණේ රන්ජන් රාමනායක මහතාගේ හඬ වසාදැමීමටයි. මේ වන විටත් රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතිනවා. එම නිසා මහින්දානන්ද අලුත්ගමගේ මහතා මාධ්‍යද භාවිතා කරමින් ආණ්ඩුවේ නොහැකියාව සමාජයට ලබාදීමට උත්සාහ කරමින් සිටිනවා. සමාජය තුළ උද්ගතව තිබෙන ආණ්ඩුව පිළිබඳ පවතින දැඩි දෝෂාරෝපණය නැති කරගැනීම සඳහා තමයි ආණ්ඩුව රන්ජන් රාමනායක මහතාට අනුකම්පාව පළකරන්නේ.

මේ වන විට ජනාධිපතිවරයා ආණ්ඩුවේ නොහැකියාව වසාගැනීමට විවිධ ක්‍රියාමාර්ග දියත් කරමින් සිටිනවා. ජනාධිපතිවරයා බලයට පත්වීමට පෙර ඉදිරිපත් කළ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය මේ වනවිට කණපිටට හැරී තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා සමාජය තුළ මතුවන ගැටළු විසඳීම සඳහා ක්ෂණික විසඳුම් ලබාදීමට මෙන්ම තින්දු තීරණ ගැනීමට කටයුතු කරමින් සිටිනවා. එම තීන්දු තීරණ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ අඩංගු වී තිබූ කරුණු නොවෙයි. ජනාධිපතිවරයා සහ ආණ්ඩුව පාස්කු ප්‍රහාරය සම්බන්ධව විවිධ අදහස් දක්වනවා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මහ මොළකරුවන් කඩිනමින් නීතිය හමුවට ගෙනඒමට කටයුතු කරන බව පවසමින් බලයට පත්වු ආණ්ඩුව එය නිසි ලෙස ඉටු කරගැනීමට නොහැකිව යහපාලන ආණ්ඩුව විසින් පාස්කු ප්‍රහාරය සිදුව දින 03 ක් ගතවීමට පෙර අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුව ප්‍රහාරයේ මහ මොළකරු ලෙස හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා. පාස්කු ප්‍රහාරය සිදුව දින 03 ක් ඇතුළත යහපාලන ආණ්ඩුව විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයා ප්‍රහාරයේ මහ මොළකරු වන්නේ නම් පසුගිය ජනාධිපතිවරණ සමයේ මැතිවරණ වේදිකාවේදී පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මහ මොළකරු ඇතුළු සියළු පිරිස් නීතිය හමුවට ගෙනඒමට කටයුතු කරන බව පවසා සිටියේ ඇයිදැයි ආණ්ඩුවෙන් විමසා සිටිනවා.

ආණ්ඩුවට මෙම අවසන් තීරණයෙන් ඉදිරියට යාමට නොහැකි නිසා ඉදිරි මැතිවරණය පිළිබඳව සිතා මෙවැනි කටයුතු සිදුකරනවා. කාදිනල් හිමියන්ද යම් හිරවීමකට ලක්ව තිබෙනවා. උන්වහන්සේ මෛත්‍රීපාල සිරිසේන මහතාට සෘජුවම චෝදනා කරනවා. කාදිනල් හිමියන් පිටුපස යම් බලවේගයක් සිටිනවාද යන්න උන්වහන්සේ සිදුකළ ප්‍රකාශය තුළින් අවබෝධ කරගත හැකියි.

උන්වහන්සේ පිළිබඳව පැවති ගෞරවයද අද ටිකෙන් ටික අහිමි වෙමින් පවතින අතර උන්වහන්සේද ආණ්ඩුව වෙනුවෙන් කඩේ යන බවක් රටේ ජනතාවද අවබෝධ කරගෙන තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනීසිටීමට හෝ එතුමාව බේරගැනීමට කිසිදු අවශ්‍යතාවයක් අපට නෑ. නමුත් කාදිනල් හිමියන් සිදුකළ ප්‍රකාශය හුදු ප්‍රකාශයක් නොවෙයි. ඒ තුළ යම් ගැඹුරුතාවයක් පවතිනවා. මේ වන විට ආණ්ඩුව පඹගාලක පැටලී තිබෙන නිසා එයින් බේරීමට තමයි කාදිනල් හිමියන්ගේ සිට සියළුම පාර්ශවයන් ආණ්ඩුවට සම්බන්ධ කරගැනීමට කටයුතු කරමින් සිටින්නේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට