අවුරුදු සමයේදී සංචරණ සීමා හෝ ඇඳිරි නීතිය පනවන්නේ නෑ – යුද හමුදාපති
එළඹෙන උත්සව සමයේදී සංචරණ සීමා හෝ ඇඳිරි නීතිය පැනවීමේ බලාපොරාත්තුවක් නැතැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කර සිටියි. කෙසේ වෙතත් සිංහල හින්දු අලුත් අවුරුදු සමයේදී රට තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියි.